IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


2023 උසස් පෙළට සියයට 80 අනිවාර්ය කිරීම අසාධාරණයි

(ඩයනා උදයංගනී)

ලබන වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට පාසල් පැවැත්වෙන දින ගණනින් සියයට 80ක පැමිණීමක් අනිවාර්ය කිරීමේ තීරණයේ ගැටලුවක් පවතින බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පසුගිය කාලයේදී අරගල, උද්ඝෝෂණ, ඉන්ධන ගැටලු, කොවිඩ් වසංගතය ආදී විවිධ හේතු නිසා ඇතිවූ ප්‍රවාහන අපහසුතා ආදිය මත පාසල් පැමිණීමට අසීරු වූ සිසුන් වෙනුවෙන් සහනදායී වැඩපිළිවෙලක් ඇතිකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යවරයාට යෝජනා කිරීමට කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

අධ්‍යාපන ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලබාදෙනු ඇතැයි ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි

2023 සිට විභාගයට පෙනී සිටින සිසුන්ට සියයට 80 ක පැමිණීම අනිවාර්ය කිරීම මෙම වසරටද බලපාන බැවින් මෙම වසරේ විවිධ සාධාරණ හේතු මත පාසල් පැමිණීමට නොහැකි වූ සිසුන් අසීරුතාවට පත්වනවා නේදැයි එම මාධ්‍යවේදියා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

උසස් පෙළ සිසුන්ට සියයට 80ක පැමිණීම අනිවාර්ය කර තිබෙන්නේ විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා පාසල්වලට සිසුන් ගෙන්වාගැනීමට බව කී ඇමතිවරයා මෙයින් යම් පිරිසකට අසාධාරණයක් වන්නේදැයි සොයාබැලීමට අධ්‍යාපන ඇමතිවරයාගේ අවධානය යොමු කරවන බව ද පැවසීය.



අදහස් (7)

2023 උසස් පෙළට සියයට 80 අනිවාර්ය කිරීම අසාධාරණයි

de silva Tuesday, 29 November 2022 01:08 PM

ටියුෂන් මුදලාලිලාට අමාරුද/කොල්ලෝ දැන් ඉස්කෝලේ යන්නේ නැතුව ටියුෂන් යනවා

:       66       6

KanishkaTuesday, 29 November 2022 02:33 PM

උසස් පෙල කරපු එකෙක් තමයි දන්නේ ඒක ගොඩ දාන්න ඉස්කෝලෙ වගේම ටියුශන් එකත් ඕන බව.

:       3       4

චන්දන Tuesday, 29 November 2022 01:37 PM

ඉස්කෝලෙ ඇවිත් ඉගෙන ගන්නෙ නැතිව විභාගෙට ලියන්නෙ කොහොමද ආචාර්ය තුමා. ඒනිසාම ළමයින්ට ඉස්කොලෙ එන්න කියන්න . එන්න පහසුකම් දෙන්න .

:       22       6

උඩුවර Tuesday, 29 November 2022 02:04 PM

ඔබතුමාට හිටපු ගමන් අමතක වෙනවා නේද ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති කියලා ඔබතුමාගේ වැඩේ කරගෙන ඉන්නකෝ. ගොනාගේ වැඩේ අර මොකෙද්ද කරන්න යන්නේ නැතුව. ටියුෂන් මුදලාලිලා නම් මේවාට අකමැති ඇති.

:       1       4

චන්දිම හාමුදුරුවෝ Tuesday, 29 November 2022 04:00 PM

මිනිහත් මුල්කාලයේ ටියුෂන් මුදළාලි කෙනෙක් නිසා ගෝලයින්ට රිදෙනවාට බයයි

:       0       1

Janith Tuesday, 29 November 2022 02:35 PM

මෙතනදී නම් ඇමතිතුමාගේ ප්‍රකාශයට එකඟ වෙන්න වෙනව. ඔය 80% කියන්නේ හෙන විකාර අදහසක්. මේ වගේ වෙලාවක නම් ඕක බැලුවොත් විශාල ලමයි පිරිසකට විභාගය ලියන්න වෙන්නෙ නෑ.

:       3       7

විපරමා Tuesday, 29 November 2022 05:36 PM

තමුනුත් කාලයක් ටියුෂන් කඩ දාගෙන හිටියා. හරියට පාසැල් වල උගන්වනවානම් ,අමතර පන්ති යන්ඩ අවස්‍ය නැහැ. අද අමතර පන්ති නොගිහින් උසස් පෙළ ගොඩදාගන්ඩ බැරි බව දන්නෝ හොන්දාකාරවම දනිති .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site