IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඉදිකිරීම් ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්තියක් ගේනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ හිඟ මුදල් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන ආකාරය අනුව ක්‍රමානුකූලව ගෙවීම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (29)  පැවසීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බවද  ඔහු සඳහන් කළේය.

පසුගිය යහපාලන ආණ්ඩුව එවැනි  ජාතික ප්‍රතිපත්තියක් සකස් නොකළ බව පැවසූ අමාත්‍යවරයා  වත්මන් ආණ්ඩුව කරන ඒ කටයුත්තට සහය දක්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.



අදහස් (9)

ඉදිකිරීම් ක්ෂේත්‍රයට ජාතික ප්‍රතිපත්තියක් ගේනවා

sena Tuesday, 29 November 2022 01:36 PM

ඉතින් යහ පාලන ලොක්කානේ දැනුත් ලොක්කා .එයාට ඕක කිවුවේ නැත්තේ මොකද?

:       0       8

දාස Tuesday, 29 November 2022 02:13 PM

කොල්ලො පුරුදු විදියට ගාන තියාගෙන වැඩෙි කරන්න කියන්න

:       0       3

de silva Tuesday, 29 November 2022 02:21 PM

කප්පම් ක්‍රේශ්ත්‍රයට ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන්න බැරිද ? කප්පම් කාරයො හැමෝම කප්පම් දෙන්නෙ නැතුව එක තැනකට කප්පම් දීල වැඩෙ කරගෙන යන්න ක්‍රම වෙදයක් සකස් කරන්න බැරිද?

:       0       4

Sunil Tuesday, 29 November 2022 03:01 PM

මෙ ගෙවන්න තිබින්නෙ කොන්ත්‍රත්කරුවන් නිම කල වැඩ වල මුදල්. කොන්ත්‍රාත් ගිවිසුම් වලට අනුව එව මාස දෙක තුනකින් ගෙවා නිම කල යුතුයි. ක්‍රමානුකුලව ගෙවනව කියන්නෙ තව වසර කිහිපයකින් ගෙවනව කියන එකද? මෙ මුදල් ලැබෙන තෙක් කොන්ට්‍රත්කරුවන්ගෙ සේවකයොයා ඔවුන්ගෙ දරු පවුලුයි කුස ගින්නෙ. අනේ සෞභාග්‍යය.

:       0       2

sharm warn Tuesday, 29 November 2022 04:49 PM

කප්පම් වලටත් ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වලා දෙයිද මෙයා ඔහොම යද්දී..?

:       0       0

Nimal Tuesday, 29 November 2022 05:18 PM

යහපාලන ආණ්ඩුව දැන් ඉවර වෙලා කොච්චර කල්ද? ඔබලාගේ ආණ්ඩුවනේ ඊට පස්සේ තිබ්බේ. ඇයි මෙච්චර පරක්කු වුණේ.

:       0       0

Madush Tuesday, 29 November 2022 05:19 PM

ප්‍රතිපත්ති මඟුල් ‌වැඩක් නෑ. කර්මාන්තය පවත්වාගෙන යන්න අවශ්‍ය නම් සිමෙන්ති ඇතුළු අනෙකුත් අමුද්‍රව්‍ය මිල අඩුකළ යුතුයි. ‌නැතොත් කර්මාන්තයට අබසරණයි.

:       0       0

ගමේ එකාලා Tuesday, 29 November 2022 05:43 PM

මෙයා ගේන ජාතික ප්‍රතිපත්ති කවුද විස්වාස කරන්නේ? තමුන්ට වාසිදායක ,කප්පම් හම්බවෙන වැඩක් නම් කරයි. මහ එකා ඉන්දලා දේසපාලනෙන් හොරාකාලාම බඩවඩා ගත්තු පවුලේ උන් ගැන මොන කතාද?

:       0       0

Rohitha Tuesday, 29 November 2022 06:09 PM

ඔව්, ඔව්.. කප්පම් අරන් අත්හිටවූ සිර දඬුවම් විඳින කට්ටියටත් ජාතික ප්‍රතිපත්තියක් ගේන්න..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site