(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඉදිකිරීම් කොන්ත්‍රාත් කරුවන්ගේ හිඟ මුදල් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන ආකාරය අනුව ක්‍රමානුකූලව ගෙවීම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (29)  පැවසීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කරමින් සිටින බවද  ඔහු සඳහන් කළේය.

පසුගිය යහපාලන ආණ්ඩුව එවැනි  ජාතික ප්‍රතිපත්තියක් සකස් නොකළ බව පැවසූ අමාත්‍යවරයා  වත්මන් ආණ්ඩුව කරන ඒ කටයුත්තට සහය දක්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

ඔහු මෙසේ ඉල්ලා සිටියේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.