(අංජුල මහික වීරරත්න)
බඳින තුවක්කුවක වෙඩිල්ලක් වැදී පාදයකට වූ තුවාල නිසා වනජීවී නිලධාරින් හා වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටි යාල වනෝද්‍යානයේ විසේකාරයා ලෙස හඳුන්වන ගැමුණු හස්තියා සුව අතට හැරී උන් තැනින් නැගිට වනයට ගොස් ඇතැයි වන ජීවී අමාත්‍යාංශය පවසයි.
වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) පෙරවරුවේ යාල වනෝද්‍යානයේ ගැමුණුට වෙඩි වැදී සිටි ස්ථානයට ගිය ද ගැමුණු වනාන්තරයට ගොස් ඇති බව නිරීක්ෂණය විය.
ගැමුණුගේ දකුණු පාදයට තුවාල සිදුවී තිබූු අතර ගැමුණුට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ සිට විශේෂඥ වෛද්‍යවරියක් වන ගංගා විජේසිංහ මහත්මිය ද යාලට පිටත් කර හැරීමට වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් අර දැන් පර්ල් නැව දැන් පේන්න නෑ.. ඒ ප්‍රශ්නේ ඉවරයි වගේ තත්වයක්. මුහුද යට ගිලිච්ච බහාලුම් ටික මල කාලා අබලි ටික එළියට මතුවෙච්චි දවසට කියයි මේක ගිය ආණ්ඩුව කාලේ වුණේ කියලා. මොවුන්ට තේරෙන්නේ නැද්ද අර ඇතා නැගිටලා ගිහින් තියෙන්නේ වෙඩි වැදිලා උණ්ඩ පතුරම් ඇඟ ඇතුලේ තියාගෙන කියලා? වෙඩි තිබ්බෙ කව්ද බොල?
කරපු බෙහෙත් අල්ලලාද නැත්නම් ඇමති එනවා කියල ආරංච්වෙලාද ගැමුණු කැලේ කඩාගෙන දුවල තියෙන්නේ ?