(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 - 2019 අතර කාලයේදී රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.
මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට 2017 වර්ෂයේදී මුරකරුවන් 2250 දෙනකු බඳවා ගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමුවිය.
පාලක මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි සියයකට වැඩි මුදලක් ස්ථාවර තැන්පතු වලින් මුදා හැරීම සම්බන්ධයෙන්ද විශේෂ අවධානය යොමු වූ බව කෝප් කමිටුව පවසයි.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරේදා (24) රැස්විය.
මේ කරුණු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2018-2019 අතර කාලයේදී සියයට 100 කින් වැඩි වී තිබූ බවටත් වැඩි මුදල් ප්‍රමාණයක් ආදායම් උත්පාදනය වන ව්‍යාපෘතිවලට වඩා දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් වැය කර ඇති බවටත් එහිදී තොරතුරු අනාවරණය විය.
සේවක වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 12කට වැඩි මුදලක් වැය කර ඇතැයිද එහිදී සඳහන් විය.
ආදාහන පූජෝත්සව 21 සඳහා රුපියල් කෝටි ගණනක්ද වෙනත් ව්‍යාපෘති 368 කට රුපියල් ලක්ෂ 30 බැගින්ද වැය කර ඇතැයි මෙහිදී අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට සිදුවුණේ කුමක් දැයි සොයන්න පරීක්ෂණයක්
විමල් Saturday, 26 November 2022 10:08 AM
ඇතැම් විහාරස්ථාන සංවර්ධනය කරන්න රජයෙන් දුන් මුදල් විහාරාධිපති හිමිවරුන් තමන් සන්තකයේ තබාගෙන ඉන්නවා. එම විහාර දියුණු කරන්නේ ගමේ මිනිස්සු. රජයෙන් දුන් මුදල් වලට වෙච්චි දෙයක් නෑ.
Mahasen Saturday, 26 November 2022 11:05 AM
පියාණෝගෙ බෝඩ් ලෑලි උණ පුතාණෝටත් ජානවලින්ම ඇවිල්ලා...
ගමේ එකාලාSunday, 27 November 2022 12:40 AM
පැටවුන්ටත් ඇවිල්ලා තියෙන්නේ ජානවලින්ම තමා.. රටම හොරාකාලා ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිතයෝ ?
අධිකාරි ඉහලගමගේ Saturday, 26 November 2022 11:22 AM
විගණනය ගමේ පන්සලෙන් පටන් ගනිමු... ඒ වෙනුවෙන් විහාර හා දේවාලගම් පනත සංශෝධනය කරන්න.
Prabha Saturday, 26 November 2022 01:21 PM
පුතාණෝගේ කට වහන සූත්තරේ...
මහසෙන් Saturday, 26 November 2022 01:23 PM
පිරිසිදු, නිකලැල් ශෝභමාන සුචරිතවත් වෙන්න ඉන්න අපේ ජනාධිපති උතුමාණන්ට මඩ ගැසිමෙන් වළකින්න.
Kanthi Saturday, 26 November 2022 01:24 PM
ඔන්න පුතාණෝ හිර වෙන තැන. දැන් පටන් ගනීවි ඩීල් දාන්න.
Deepal Nirosh Saturday, 26 November 2022 04:24 PM
මහබැංකු බැඳුම්කර වංවාවත් යට ගියා..., පාරවල් හැදිල්ලෙන් කරපු ගැහිලිත් යට ගියා, ඩොලර් පිටරට පටවපුවා ගැනත් දැන් කතාවක් නැහැ... ඒ සියල්ලට ඉහළින් මොකද්ද මේ හදිසියේ මතුවුණු සංස්කෘතික අරමුදල් වංචාව..? මේ හැමෝම කතා කරන පුතාණෝගේ ප්‍රශ්නයක්ද?
විපරමා Saturday, 26 November 2022 05:17 PM
සංස්කෘතික අරමුදල වගේම, රටම හොරාකාලා කාබාසිනියා කරපු, ඩොලර් ගිලපු දූෂිත පවුල් පාලනේ අය කරපු මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ ගැනත් සෙවිය යුතුමයි. රාජපක්ෂ හොරු රකින පින් ජනපතිලා ඉන්නකම් එහෙම වෙන එකක් නැහැ...
Surain Saturday, 26 November 2022 06:37 PM
මඩ ගැසීමේද සීමාව ඉක්මවා යන සැමට කෙදිනක හෝ එහි විපාක විඳීමට සිදුවේවි නේද? බලන් ඉඳිමු... බොරු ප්‍රචාර සැමදා රැකෙන්නේ නැත...
නිමල් Sunday, 27 November 2022 03:13 AM
උසනම් මුරකරු මිටිනම් කම්කරු!
Demuni Uduwara Sunday, 27 November 2022 04:39 AM
කෝප් සභාපතිතුමනි, 2005-2014, 2015-2019 කාලසීමාවන් වලින් ආරම්භ කරන්න.
Saththaya Sunday, 27 November 2022 09:15 AM
හොයන්න දෙයක් නැහැ , ඔන් ලයින් තාක්ෂනය ඔස්සේ නැතිවෙන්න ඇති. ලොකු මන්දීර වල දේවල් නැති වුනෙත් ඒ ක්‍රමයටයි.