IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අධ්‍යාපනයේ පරිවර්තනීය යුගය ලබන වසරේ අරඹනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව පාසලේ  පළමු වසරේ සිට  ලබන වසරේ පටන් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.

මේ අනුව අධ්‍යාපනයේ  පරිවර්තනය යුගය ලබන වසරේ මුල් කාර්තුවෙන් ඇරැඹෙනු ඇති බව පැවසූ  ප්‍රේමජයන්ත මහතා මෙම වැඩපිළිවෙල  ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවර ගුරුවරියන් 13000ක් පුහුණු කරන බවද  සඳහන් කළේ‍ය.

මේ සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ අනෙකුත් ආයතන උදව් කරන බවද ඒ සඳහා අවශ්‍ය වැඩ පොත පවා නිර්මාණය කර අවසන් වී ඇති බවද  ඔහු ප්‍රකාශ කළේය.

පූර්ව ළමා විය සඳහාත් වැඩපිළිවෙලකට ඒ අමාත්‍යාංශයට බාර දෙන බව  සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.



අදහස් (3)

අධ්‍යාපනයේ පරිවර්තනීය යුගය ලබන වසරේ අරඹනවා

wedgae Friday, 25 November 2022 10:56 AM

පිනා සුසිල් කඩුවෙලට එපා.

:       4       6

Chandana Friday, 25 November 2022 11:08 AM

ඔයාලත් එක්ක ...???

:       2       3

කිරිපුතා Friday, 25 November 2022 11:17 AM

ඉංගිරිසි අවශ්‍යයි එහි තර්කයක් නෑ. හැබැයි ඉංගිරිසිය විතරක් දන්න , රට ගැන රටේ ඉතිහාසය , රට වෙනුවෙන් විශාල කැප කිරීම් කළ හෙළ රජ දරුවන්, රණ විරුවන් ගැන නොදන්න දරුවන් බිහි වු⁣ණොත් ඔවුන් රටට ආදරය කරන්නෙ නෑ. කාගෙ හරි කියමන් වලට යටත් වෙලා රට විනාශ කරනවා. අහුවෙන දේ හොරකම් කරනවා. ඉංගිරිසි දන්න ගුණයහපත් දරුවන් බිහි කරගන්න ඕන.

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 13 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site