IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජගත්ගෙ වරප්‍රසාද ප්‍රශ්නයට කිරිඇල්ලගෙන් උත්තර

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

තමා මන්ත්‍රීවරුන් 25 දෙනෙක් සමග විපක්ෂයට එන්න සූදානම් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කී ප්‍රකාශය ඔප්පු කළහොත් තමා ඉල්ලා අස් අස්වෙන්න සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය.

එම ප්‍රකාශය ඔප්පු කරන්නට බැරි නම් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලා අස්විය යුතු බව ද සුමිත්‍ර ආරච්චි මහතා සඳහන් කළේය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-

මැයි  මාසයේ දී ආණ්ඩු පක්ෂයේ හිටපු අය දුරකථනයෙන් අපට වැල නොකැඩී කතා කළා. විපක්ෂ  නායකට සහයෝගය දෙන්න කැමති බව කිව්වා .දිනපතා කෝල් හත අටක් ආවා . දවසක් මගේ කාර්යාලයේ ඉද්දි " මම කඩුවෙල සුමිත් කුමාර මන්ත්‍රිතුමා,25ක් සමඟ ඇවිත්  සජිත්ට සහයෝගය දෙන්න සූදානම් "බව කතා කරපු එක්කෙනා කිව්වා. එතුමා කතා කළේ නැතැයි කියනවා නම් මම එය පිළිගන්නම්. ඉස්සරහ හිටපු කවුරුත් මට කතා කළා. එහෙනම් මට නම් සීයක් විතර කියන්න වෙයි . මම එහෙම කිව්වේ නෑ.



අදහස් (0)

ජගත්ගෙ වරප්‍රසාද ප්‍රශ්නයට කිරිඇල්ලගෙන් උත්තර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 13 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site