IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සල්ලි අච්චු ගැහිල්ල මේ වසරේ අඩුවෙලා

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් මස දක්වා කාලය තුළ මුදල් මුද්‍රණය කිරීමේ ප්‍රමාණය සීග්‍රයෙන් පහත වැටී ඇතිබව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

මුදල් අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ සමාජයේ ප්‍රසාරණය වන මුදල් ප්‍රමාණය බව ඔහු පෙන්වා දුන්නේය.

2021 වසරේ රුපියල් බිලියන 341 ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් සමාජයේ ප්‍රසාරණය වී ඇති අතර එය මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ රුපියල් බිලියන 47 ක් දක්වා අඩු වී ඇති බව නන්දලාල් මහතා පෙන්වා දුන්නේය.

එසේම ණය ලබාගෙන තිබෙන පුද්ගලයන්ට සහනයක් සපයන ලෙස බැංකු වලට දැනුම් දී ඇති බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි ටී. එම්. ජේ. වයි. පී ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.ණය ලබා දෙන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් බැවින් ණය ලබා ගත් පුද්ගලයන් මෙන්ම බැංකුවද ආරක්ෂා විය යුතු බවද මහ බැංකු නිලධාරීහු ප්‍රකාශ කළහ.

ප්‍රතිපත්ති පොළී අනුපාතයට වඩා වෙළඳපොල පොළී අනුපාතය ඉහළ මටට්මක පවතින බවත් එයට හේතු කිහිපයක් බලපාන බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.ප්‍රතිපත්ති පොළී අනුපාතය පහළ යන විට වෙළඳපොල පොළී අනුපාතය පහළ නොගියහොත් එය නියාමනය කිරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.

ලබන වසරේදී උද්ධමනය තවත් පහළ යනු ඇතැයි මහ බැංකුව බලාපොරොත්තු වන බව නන්දලාල් මහතා ප්‍රකාශ කළේය.



අදහස් (5)

සල්ලි අච්චු ගැහිල්ල මේ වසරේ අඩුවෙලා

pakeer Thursday, 24 November 2022 09:16 PM

එතකොට ඇයි මේ බඩු මිල ඉහල යන්නේ.?

:       1       1

නිහාල් Friday, 25 November 2022 04:10 AM

කොළ වලට කකුල් ඇවිත් නිකන්ම ප්‍රින්ට් වෙන එක නවත්තන්න ක්‍රියා කරපු ඔබට හා රජයට අපේ ප්‍රණාමය..

:       3       3

Jagath Friday, 25 November 2022 08:08 AM

මෙය නම් වචන සෙල්ලමකි. මුදල් අච්චු ගැසීම යනු මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගැනීමයි .සමාජයේ සංසරණය වන මුදල් ප්‍රමාණය යනු වෙනකකි .මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගෙන එය ද්වීතීය වෙලඳපොලේ විකිණීමෙන් මුදල් අච්චු ගසමින්ම සමාජයේ සංසරණය වන මුදල් ප්‍රමාණය අඩු කල හැක .නමුන් ඉන් වන්නේ පොහොසතුන් තවත් පොහොසත් වීම හා දුප්පතුන් තවත් දුප්පත් වීමයි නන්දලාල් වචන හරඹයකින් හංගා ඇත්තේ එය නොවේ යැයි පතමු එය වුවද එසේ කිරීම හැර වෙන විකල්පයක් නැත

:       2       3

sharm warn Friday, 25 November 2022 09:40 AM

සල්ලි අච්චු ඩොලර් සංචිතේ සල්ලි තියෙන්න එපැයි.

:       1       3

Hafeel Friday, 25 November 2022 10:50 AM

මෙයා මහ බැංකු අධිපති වුනා කියල සහ රනිල් ජනාධිපති වුනා කියලත් රටේ අර්බුදය විසඳන ලකුණු නම් නැහැ. දිනෙන් දින දෙදනාම නිවේදන නිකුත් කරනවා මිස කරපු දෙයක් නැහැ.

:       4       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 41 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site