(අංජුල මහික වීරරත්න)
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම නව සංචාරක ස්ථාන හඳුනාගෙන ඇත.
ගඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව,වයික්කාල, මීගමුව කලපුව ,කපුන්ගොඩ, ප්‍රීතිපුර,කොක්ගල කලපුව,සීතගල්ල,රැකව කලපුව,ලුනම කලපුව,මලාල ලේවාය,කිරින්ද,කුනුකලේ බීච්,එලිෆන්ට් රොක්,සලතිව් දූපත,තඹලගමුව බේ,ගවනර් ඔෆිස්,උප්පුවේලි,සම්පල්තිව් බීච්,අර්යමල්ල බීච්,නයාරු බීච්,නන්දිකඩාල් බීච්,සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන්වේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරින්ට උපදෙස් දුන්නේ සංචාරක අමාත්‍යංශය හා අනෙකුත් රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් එම ස්ථාන පිළිබඳව දෙස් විදෙස් සංචාරකයන් දැනුවත් කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් සකසන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩාව මුහුදු වෙරළ තියෙන්නේ කල්පිටිය අර්ධද්වීපයේ කල්පිටිය නගරයට කිලෝමීටර 4 ක් විතර පහලින්. එය ලංකාවේ ඇති ලස්සනම මුහුදු වෙරළ (හෝ මුහුදු වෙරළවල් වලින් එකකක්). නොවැම්බර් ඉඳල අප්‍රේල් මාසේ වෙනකම් හරිම නිසල මුහුදක්, හරියට පිහිනුම් තටාකයක් වගේ. ඉතා සුළු සංචාරකයන් පිරිසක් සහ ප්‍රදේශ වාසීන් විතරක් දැනගෙන හිටිය මේ අලංකාර මුහුදු වෙරල විනාශ නොකර තියාගන්න එක වැදගත්.