
ඇමෙරිකා නාසා ආයතනය සඳ වෙත යැවූ ඔරියන් නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
යානය, නාසා රොකට්ටුවක ආධාරයෙන් අභ්‍යවකාශයට යැවීම සිදුවූයේ මීට සතියකට පමණ පෙරය. ඉන්පසු පෘථිවි ගුරුත්ව බලය ද යොදා ගනිමින් ඔරියන් යානය සඳට ළං වූ අතර, පසුව එය සඳුගේ කක්ෂයට පිවිසිණි.
දින 25 ක මෙහෙයුම නිමා කරමින් යානය ලබන දෙසැම්බර් 11 වැනිදා යළි පෘථිවියට පැමිණීමට නියමිතය. ඔරියන් යානය මෙසේ සඳ බලා ගියේ ආර්ටිමිස් 1 චන්ද්‍ර මෙහෙයුම යටතේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd