(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී සම්මත විය.

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය වන අද දින (27) මෙම අමාත්‍යංශ වල වැය ශීර්ෂ විවාදයට ගැනුණි.

එහිදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ 151 වැය ශිර්ෂය සංශෝධන සහිතවද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතවද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණි.