
(අංජුල මහික වීරරත්න)
“චීනය සමඟ පවතින ඓතිහාසික මිත්‍රත්වය නව මාධ්‍ය සහයෝගීතාව ඔස්සේ අනාගතයට රැගෙන යා යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. චීන–ශ්‍රී ලංකා ජනතා සබඳතා හා මාධ්‍ය හුවමාරු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියැං (Wei Huaxiang) මහතාගේ සහභාගීත්වයෙන් අද (27) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණි.
“සේද මාවතේ බැඳීම අගයමින් නව ක්ෂිතිජයන් කරා එක්ව යාත්‍රා කිරීම” (Cherishing Our Silk Road Bond, Sailing Together Towards New Horizons) යන තේමාවෙන් පැවැති මෙම වැඩසටහන චීන මාධ්‍ය සමූහය (China Media Group – CMG) සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) එක්ව, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව සංවිධානය කර තිබිණි.
දෙරටේ මාධ්‍ය ආයතන අතර අත්දැකීම් හුවමාරුවට අවස්ථා සැලසීමත්, සංස්කෘතික සබඳතා සහ ජනතා අවබෝධය වර්ධනය කිරීමත් මෙහි අපේක්ෂාව විය. ඒ අනුව, දෙරටේ මාධ්‍ය හා සංස්කෘතික ක්ෂේත්රයන්හි නව සහයෝගීතා වැඩසටහන් රැසක් මෙහිදී ආරම්භ කෙරිණි. චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කළ 'The Heritage Guardian' වාර්තා වැඩසටහන එළිදැක්වීම, 'China's Governance and Worldwide Development Global Dialogue' වැඩසටහන ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීම සහ දෙරටේ මාධ්‍ය ආයතන අතර සහයෝගීතා ලේඛන හුවමාරු කරගැනීම ඒ අතර ප්‍රධාන විය.
එමෙන්ම, 'CMG Premium Program Showcase' වැඩසටහන හඳුන්වාදීම, 'The Maritime Silk Road: Sailing into the Future' විශේෂ වැඩසටහන දියත් කිරීම සහ 'Rediscovering Sri Lanka' ඒකාබද්ධ වාර්තා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම ද සිදු විය.
චීනය පිළිබඳ ශ්‍රී ලාංකික තරුණ පරපුරේ අවබෝධය පුළුල් කිරීමේ අරමුණින් 'Discovering China: Through Young Sri Lankan Eyes' මාධ්‍ය සංචාරය ආරම්භ කිරීම, 2026 චීන චිත්‍රපට උළෙල ශ්‍රී ලංකාවේදී දියත් කිරීම සහ දෙරටේ සංස්කෘතික අනන්‍යතාවන් විදහා දැක්වෙන සංස්කෘතික ප්‍රසංගයක් පැවැත්වීම ද වැඩසටහනට ඇතුළත් විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd