(දයාසීලි ලියනගේ)
ස්වාධීන පොලිස් කොමිසමට මේ වසරේ මුල් මාස 9ට පැමිණිලි 1100 ක් ලැබී ඇති බව වාර්තා වේ.
පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම, පක්ෂග්‍රාහී ලෙස විසදුම් ලබා දීම, බලය අයුතු ලෙස පාවිච්චි කිරීම, පහරදීම්, වද හිංසා, කාන්තාවන්ට හිරිහැර කිරීම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බොරු චෝදනා කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බව පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අලුතෙන් ස්වාධීන පොලිස් කොමිසම සඳහා සභිකයන් පත් කරන තුරු දැනට පවතින කොමිසම මෙම පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාකරන බව ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසම ස්වාධීන වුනාට කොමිසමේ ඉන්න අය ස්වාධිනද.?
කොපමණ ලැබුනත් මේසෙ යට තියෙන කූඩෙට වැටෙනවා ඇති නැත්නම් මොකද පොලිස් කාරයො මෙතරම් වැරදි කරන්නෙ කියලා හිතන්න බැහැ
පන්සල් , පල්ලි, කෝවිල් , දේවස්ථාන වලින් ලවුඩ්ස්පීකර් සහ බෆල් මඟින් සිදුකරන මහජන පීඩාකාරී පාරිසරික ශබ්ද දූෂණයට පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ?