(අංජුල මහික වීරරත්න)

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාදනය මින් ඉදිරියට යාල ජාතික වනෝද්‍යානයටම අයත් වනජීවී කලාපයක් ලෙස නම් කිරීමට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගත්තේය.

වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල වනෝද්‍යානයේ කලාප 6 ලෙස සඳහන් නාම පුවරුව විවෘත කර එම වනෝද්‍යානය යාල ජාතික වනෝද්‍යානයටම අයත් කලාපයක් ලෙස නම් කරනු ලැබීය.

ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය හෙක්ටෙයාර් 27185.85කින් සමන්විත වනෝද්‍යානයකි. ජෛව විවිධත්වයෙන් අනූන ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය යාල හා උඩවලව අතර වන අලින් සංක්‍රමණය ප්‍රධාන අලිමංකඩකි. එමෙන්ම කොටි, වළස්සු හා කුළුමීමුන් වැනි දරුණු සත්ව විශේෂ රැසක් ද මෙහි ‍පහසුවෙන් දැක බලා ගත හැකිය.

ඒ අනුව වර්ග කිලෝමීටර් 1260කින් සමන්විත යාල වනෝද්‍යානය ලුනුගම්වෙහෙර වනෝද්‍යානය එත්වීමත් සමග තවත් හෙක්ටෙයාර් 27185කින් පුළුල් වේ.