(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය.
රජයේ මේ වසරේ දිනක ආදායම ( ලැබීම්) රුපියල් කෝටි 653 ක් වන අතර දිනක රජයේ වියදම කෝටි 1705 ක් බවද මහාචාර්යවරයා කීවේය.
මේ අතර අයවැය ලේඛනය අනුව රජයේ ලබන වසරේ දිනක ආදායම රුපියල් කෝටි 950 ක් බව පැවසූ අතුකෝරළ මහතා ලබන වසරේ රජයේ වියදම කෝටි 2160 ක් දක්වා වැඩිවන බවද ප්‍රකාශ කළේය.
රජයේ ආදායම ලබන වසරේ මෙලෙස වැඩි වන්නේ බදු අයකිරීම් වැඩිවීම නිසා බවද හෙතෙම පැවසීය.
මේ අනුව ලබන වසරේ දිනක රජයේ ණය ගැනීම් ප්‍රමාණය කෝටි 1364 දක්වා ඉහළ යනු ඇතැයි ඔහු සඳහන් කළේය.
රජයේ ආදායම සහ වියදම අතර පරතරය විශාල වශයෙන් වැඩිවෙමින් පවතින බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැරදි දිසාවකට ගමන් කරන ආකාරය ඉන් පෙන්නුම් කෙරෙන බවත් වසන්ත අතුකෝරල මහතා කීවේය.
මේ අතර එක් පුද්ගලයකු වෙනුවෙන් රජය මේ වර්ෂයේ දී දිනකට ගන්නා ණය ප්‍රමාණය රුපියල් 473 කි. එය පසුගිය වර්ෂයේදී පැවතුණේ රුපියල් 371 ක් වශයෙනි.
රජයට ලබන වසරේදී එක් පුද්ගලයකු වෙනුවෙන් ගැනීමට සිදුවන ණය ප්‍රමාණය රුපියල් හයසිය නවයක් දක්වා වැඩිවන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා පරිස්සමෙන් ඕවා කියන්න, දන්නවනෙ අපේ ජනතා නියෝජිතයන්ගෙ හැටි.
අනේ මහාචාර්ය තුමෝ , මේ ණය බර ගැන රටේ මොන්ටි සෝරි දරුවන් පවා දන්නා දෙයක්නෙ. තවත් බණ දේශනා නොකර වැටී ඇති වලෙන් ගොඩ ඒම පිනිස ඔය මහාචාර්ය මොලෙන් යම් විසදුමක් සෙවීමට බලන්න. ඒ සදහා රටේ පාලකයින්ට උපදෙසක් ලබා දෙන්න. පවතින ණය බර පෙන්වා දීමෙන් ඵලක් නැත. මන්ද රට මෙවන් තත්ත්වයකට පත්ව ඇත්තේ ජනතාවගේ වරදින් නොව රට පාලනය කළ වුන්ගේ වැරදි නිසාවෙනි.
මම හිතන්නේ මේක ඇත්තක් නම් ඉතාම හොඳ දත්තයක්. ඒ කියන්නේ දැන් අපිට පුළුවන් මෙන්න මේක බැලන්ස් කරන්නේ කොහොමද කියලා හිතන්න. ඉන් පස්සේ පුළුවන් මේ තත්ත්වනය පාලනය කරන්න සහ වෙලා තියන ණය ගෙවන ක්‍රමවේදයකට එන්න. හැබැයි ියැබ පාලකයෝ දක්ෂ වගේම අවංක සද්භාවයෙන් ඉදිරියට ඒන්න ඔ්නි.
දන්නේ අංක ටිකක් කියවන්න විතරයි.