(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුහුණු පොත හරහා ගුරුවරියන්ට කියන අසභ්‍ය දේවල් ගැන තමා කම්පා වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙවැනි දේවල් මෙතනට ආවේ සමහරුන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇද ගත්තු නිසා යැයි පැවසූ අමාත්‍යවරයා තමාට පුළුවන් නම් ඒ අපහාස සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යන බවද ප්‍රකාශ කළේය.
ගුරුවර ගුරුවරියන් වෙනුවෙන් නිශ්චිත ආචාර ධර්ම පද්ධතියක් ඇති බවත් ඇඳුම ගැන එහි පැහැදිලිව සඳහන් වන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය.
සාරිය අඳින්න අවශ්‍යයි කියලා එහි නොකියන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වපුරන බීජවල හැටියටයි අස්වැන්න...! ගුරු ගෞරවය කෙලෙස ගත්තේ ඔවුන්මයි. අවුරුදු ගණනාවක ප්‍රශ්නයක් රට ආර්ථික වශයෙන් ඇඹරිලා ඉන්න වෙලාවේ කරලියට ගෙනැල්ලා දරුවෝ ඇපේට තියාගෙන ෂයිලොක් න්‍යායයෙන් වැඩකරලා සෑහෙන්න සවුත්තු වුණා. ඊළඟට සාරිය ගලවන්න ගිහිං පල්ලෙහාටම වැටුණා. ස්ටාලින් වගේ කෙනෙකුට,ජවිපෙ රෑකඩයකට නටවන්න පුළුවන් පිරිසක් වුණානේ දෙයියනේ අපේ රටේ සමහර ගුරුවරු...
එහෙනම් රටේ ජනාධිපතිට අපහාස කරන අය අත්අඩංගුවට ගන්න... පාර්ලිමේන්තුව කතාකරන්න ඕනෑ.
සිවුර යන සිංහල වදන, චීවර යන පාලි වචනයෙන් බිදී ආවකි. සිවුර ගැන විස්තර විස්තර වනුයේ සම්බුදධ ශාසනය තුල ය. චීවරයෙන් තොරව සම්බුදු සසුන නො පැවැතිය හැක. මහ බෝසතාණෝ ඝටීකාර මහ බඹුන් විසින් දෙන ලද අටපිරිකරෙහි වූ සිවුරු ගෙන හැඳ පෙරව, පැවිදි බවට පත් වූහ. බුදු රදාණෝ පිරිනිවන් පා වදාරණ තෙක් බුද්ධ චීවරය දරණ ලදහ. සියලු භික්ෂූන් වහන්සේලාගේ මහණ දිවිය පවතින්නේ ද චීවරය උපයෝගී කොට ගෙන ය. ශාරිපුත්ත මොග්ගල්ලාන අග්‍ර ශ්‍රාවක මහ අරතුන් වහන්සේලා පටන් සියලු සිව් පිළිසිඹියා පත් මහ අරහතුන් වහන්සේලාට ද ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ සියලු භික්ෂූන් වහන්සේලාට ද අන් සියලු මඟ පල ලාභී භික්ෂූන් වහන්සේලා සහ කල්‍යාණ පෘතජ්ජන සියලු භික්ෂූන් වහන්සේලාට ද පැවිදි බිමට පත් වීමට සහ පැවිදි දිවිය පැවැත්වීමට උපකාර වූයේ චීවරය හෙවත් සිවුර ය. එබැවින් සිවුරට අර්හත් ධජය යයි කියනු ලැබේ. මේ අරහත්ද්වජය හෙවත් සිවුර පිළිබඳව මනා කොට විවරණය කොට ඇත්තේ, විනය පිටකයේ මහා වග්ග පාලියේ චීවරක්ඛන්ධකයේ ය. බුදු සසුනේ මූලාරම්භය, සිවුරු පෙරවීමෙන් ආරම්භ වේ. එබැවින් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපත්‍යය යන සිව් පසයෙහි මුලටම ඇත්තේ චීවර ය.
මහා සංඝ රත්තනය උදෙසා පූජා කරන කඨින පූජාවට ද උපයෝගී වන්නේ චීවරය ය. චීවර නැතිව කඨින පින් කම් නො කළ හැකි ය වත්මන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කරන කථාවකදී "සිවුරු ඇඳ ගත් බට්ටෝ" යන වචන ප්‍රකාශ කරමින් කථා කරන ලදී. සිවුර හෙවත් චීවරය සම්බුදු සසුනට අයිති බුදු සසුනේ පැවිද්දට ම අනන්‍යය වූ වස්තුවකි. සිවුරු ගැන මිස සිවුරු ඇඳ ගත් බට්ටෝ යන්න ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදු රදුන් විසින් වදාරා නැත. අටුවාවක, ටීකාවක ද විස්තර කර නැත. බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බව සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම ශ්‍රී ලංකා ජනරජයේ වගකීම විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවෙන් ලක් රජය පිළිගෙන තිබෙන බැවින් " සිවුරු ඇඳ ගත් බට්ටෝ" යන ජනාධිපතිවරයාගේ වචනය කුමන අර්ථයක් ප්‍රකාශ වන්නේ ද යන්න ලෝක වාසී සියලු බෞද්ධ ගිහි පැවිදි දෙපිරිසට ම දැන ගැනීම යුක්ති යුක්ත ය. ජනාධිපතිවරයාගේ කථාව පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්ථා ගත බැවින් සිවුර නැමැති අර්හත්ද්වජයට "බට්ටෝ" යන්න අදේශ වන විධිය දන්නා කවුරුන් විසින් හෝ ඒ පිළිබඳව දැනුවත් කරන මෙන් ඇරයුම් කරමු.
අපි මේ වෙලාවෙ පොහොට්ටුවෙ පාක්ෂිකයන් හැටියට ජනපතිතුමාගෙ වැඩපිලිවෙලට සහයෝගය දක්වන්න ඕන. විශේෂයෙන් උතුරු නැගෙනහිර බලය බෙදීම කඩිනම් කරන්න ඕන. ජවිපෙ සාරියක් ඇදගන්නෙ එම වැඩපිලිවෙල කඩාකප්පල් කරන්න.
තිළිනි ෂැල්වින් මහත්මිය මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණු කාරණයක් ඉතා ප්‍රශ්නකාරී.. මේ ඇගේ ප්‍රකාශය.. "අපි සේවය කරන ඉස්කෝලවල වැසිකිළි පහසුකම්, ජල පහසුකම් නැහැ. එතකොට අපි උදේ පාන්දර ගෙදරින් ගියාම හවස ඉස්කෝලේ ඇරිලා තමයි වටේ තියෙන ගෙවල්වලට දුවලා ටොයිලට් යන්න ඕනෑ. එහෙම යාගන්න බැරිවුණොත් අර උදේ පාන්දර වැඩට ගිය අය මේ සාරි පටලාගෙන ගෙදර එනකල් ඉන්න ඕනේ ටොයිලට් යන්නත්" ඉන්පසුව ඇය මෙම කාරණය දක්වා තිබුණා "මොකද, සාරිය ඔසරිය කියන්නේ ගුරුවරුන්ගේ යුනිෆෝම් එක නෙවෙයි. අනිවාර්යයෙන්ම සාරිය ඔසරිය ඇඳිය යුතුයි කියලා කොතැනකවත් සඳහන් කිරීමක් නෑ. මේක අපේ යුනිෆෝම් එක නොවන නිසා, රජය ඒක අනිවාර්ය කළොත් නිල ඇඳුම් දීමනාවක් ඉල්ලීමේ අවස්ථාව අපට තියෙනවා " සාරිය ඇඳීමට අපහසු නම්, දීමනාවක් නොව දීමනා 10ක් දුන්නත් පළමු ප්‍රකාශයේ දක්වන අපහසුතා ඉවත් වන්නේ නැත. දෙවන ප්‍රකාශය අනුව, දීමනාවක් දුන් සැණින් පළමු ප්‍රකාශයේ අපහසුතා අවසන්ව ඉගැන්වීමේ කාර්යය නිසිලෙස කරගෙන යා හැක.. පළමු ප්‍රකාශය හරි නම් දෙවැන්න බොරුවකි. දෙවැන්න හරි නම් පළමු ප්‍රකාශය බොරුවකි...