(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගුරුවරියන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුපාඩි මිනිහකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
ගුරුවරියන් පහසු ඇඳුමක් ඉල්ලන්නේ දරුවන් රැගෙන පියවරුන් සමග යෑමට බවට ඒ කුපාඩි මිනිහා ප්‍රකාශ කර ඇති බව පැවසූ මන්ත්‍රීවරිය එම ප්‍රකාශය සමස්ත ගුරුවරියන්ට මෙන්ම පියවරුන්ටද කළ අපහාසයක් බව සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් රටේ ජනාධිපතිට අපහාස කරන අයත් වහා අත්අඩංගුවට ගන්න CID එක කටයුතු කරන්න ඕනෑ.
කුණු කතා කියපු කෙනා විතරක් නොවේ... ඒ වගේ තුට්ටු දෙකේ අයට මයික් අල්ලන අයටත් තලන්න ඕනෑ මඩු වලිගයෙන්...
ආණ්ඩුව ඇතුලේ කුපාඩි මැති ඇමැතිවරු කීප දෙනෙක්ම ඉන්න බව අපි දැනගෙන හුඟක්කල්..!
සමහරවිට බොහෝ දෙනෙක් වෙන්න පුළුවන්.
මොකද්ද ඒ කතාවේ තියෙන කුපාඩි කම. කුපාඩි කථා අහන්නේ නැතිවෙන්න කුපාඩි වැඩ නොකර ඉඳිමු. ගුරු ගෞරවය රැකෙන විදියට හැසිරෙමු.
මේ වගේ කතා අහන්න නැතිවෙන්න වැදගත් විදියට හැසිරෙන්න ගුරුවරියන් දැනගන්න ඕනෑ.