
විශ්ව විද්‍යාල සහ ශැන්හායි,බීජිං නගර ඇතුළු චීනය පුරා දැඩි කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීති හේතුවෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ කොම්යුනිස්ට් පක්ෂයට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් චීන ජාතිකයන් සියගණනක් විරෝධය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ෂින්ජියැන්ග් පළාතේ නිවාස සංකීරණයක ඇති වූ ගින්නකින් 10 දෙනෙකු මියගොස් තවත් 9 දෙනකු මියයෑමේ සිද්ධිය මෙම විරෝධතා ආරම්භ වන්නට හේතු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
චීනය කොවිඩ් රෝගීන් වාර්තා වන ප්‍රදේශ ලොක්ඩවුන් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් ගිනි නිවන භටයන්ට ගින්න නිවීමට පැමිණීමට ප්‍රමාද වී ඇතැයි සමාජ මාධ්‍යවල සැරිසරන වීඩියෝ දර්ශන අඟවයි.
කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීතිවලට විරෝධය පළකර චීන නගර කිහිපයක සහ විශ්ව විද්‍යාලවල ඊයේ(26) සහ අද(27) උදෑසන චීන ජනයා මෙසේ දැඩි විරෝධය එල්ල කර ඇතැයි සමාජ මාධ්‍ය ජාලා වීඩියෝ දර්ශන සහ ඇසින් දුටු පුද්ගලයන්ගේ ගිණුම් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා චීනේ මෙහෙ බැහැ හරිද?
මෙහෙ ඉදන් ප්රතිරෝධයට කණ්ඩායම් යවන්න බැරි නෑ. චීනය කරන හැම දේටම දණ නමන කණ්ඩායමක් චීනයේ නැතත් මෙහෙ ඉන්නවා.
දැන් ආයෙත් චීනයේ කොරෝනා විශේෂයක් වේගයෙන් පැතිරෙනවා. මීට පෙර කොරෝනා ව්‍යවසනයත් පටන් ගත්තේ ඔය චීන්නුන්ගේ මාළු කඩයකින් කියලයි කියන්නේ... මොකද චීනා නොකන සතෙක් නැහැ. වාර්තා නැතත් මිනීමස් නොකනවයි කියන්න බැහැ. අපි ප්‍රවේශම් වෙමු... එක චිනේකුටවත් ලංකාවට පැමිණීම තහනම් කළ යුතුයි. නැතිනම් කොරෝනා නැතිබව පැය 48 අතරේ කළ වෛද්‍ය සහතිකයක් රැගෙන පැමිණිය යුතුයි. මේ හොර නස්කුනි චීනා මේ ලෝකෙටම කරදරයක්...
චීනට කියලා විශේෂයක් කරන්න බැහැ.