අලුත් කුඩක් මොරටුවෙන් අල්ලයි ශ්‍රි ලංකාව තුළ මෙතෙන් හමු නොවු මෙරට හා පිටරට ධන කුවේරයන් භාවිතා කරන කොකේන් හා සමාන නව මත්කුඩු විශේෂයක් මොරටුව සමන්පුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසින් අද (5) සොයාගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි. 05 July 2023
පර්පෙචුවල් සමාගම තහනම තව දික් වේ මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට පනවතා තිබූ තහනම තවත් මාස 6කින් දීර්ඝ කර ඇත. 05 July 2023
මුතු රාජා යළි දෙන්නෑ මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත. 05 July 2023
කැටගොඩගේ යෝජනාවෙන් මැතිසබය රත්වෙයි පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් නැවත කැඳවීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් දෙකක් ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (5) පෙරවරුවේ ඇතිවිය. 05 July 2023
රටට වතුර දෙන්න ලොකු බැංකුවක සහාය ලැබෙයි මෙරට ජල සම්පාදන ක්ෂේත්රයේ නව ප්‍රතිසංස්කරණ මෙහෙයුම් වැඩසටහන මෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ධාරිතාව ඉහල නංවා ගැනීමේ ව්‍යාපෘති සඳහා අවශ්‍ය දැනුම හා තාක්ෂණික සහාය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව කැමැත්ත පළ කර ඇත. 05 July 2023
ගෝලීය උෂ්ණත්වය වැඩිම ජූලි 3 වැනිදා ලෝකයේ වැඩිම ගෝලීය උෂ්ණත්වයක් වාර්තා වූයේ පසුගිය ජූලි 3 වැනිදා යැයි කාලගුණ විපර්යාස සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ඇමෙරිකා ජාතික කාලගුණ අනාවැකි දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 05 July 2023
වත්මන් ආණ්ඩුව ගැන ජනතාවගේ කැමැත්ත වැඩි වෙලා වත්මන් ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. 05 July 2023
ලීසිං ආයතන හැසිරෙන්නේ මංකොල්ලකරුවන් වගෙයි බොහෝ ලීසිං ආයතන අද වැඩ කරන්නේ මංකොල්ලකරුවන් පිරිසක් විදියට යැයි හිටපු ජනාධිපති පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 July 2023
පුද්ගලයන් 14 දෙනකුගේ මුදල් වංචා කළ සැකකරුවෙක් සොයයි නිවාස ඉදිකර දෙන බවට සහ ණය පහසුකම් මත නිවාස ඉදිකර දෙන බවට පවසා අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්යස ඔස්සේ පුළුල් ප්රවචාරයක් ලබාදෙමින් රුපියල් කෝටි 2 ට ආසන්න මුදල්ක් වංචා කළ පුද්ගලික ඉදිකිරීමේ සමාගම් හිමිකරුවෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහය පතයි. 05 July 2023
වන අලි පහරින් හිමිනමක් අපවත් වෙති පොලොන්නරුව සෝමාවතිය මාර්ගයේ සුංගාවිල වනජීවී බීට්ටු කාර්යාලයට ආසන්නයේදී අද (05) වන අලියෙකු පහරදීමෙන් හිමිනමක් අපවත්වී ඇතැයි පුලස්තිපුර පොලීසිය කියයි. 05 July 2023
නතාෂාට ඇප බෞද්ධ ආගමට නිගාවන ආකාරයෙන් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියකට මාසයක අධික කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි සමාජ මාධ්‍ය ක්රියාකාරීයක බව කියන නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳි මහතා නියෝග කළේය. 05 July 2023
වාණිජ මහාධිකරණයේ නඩු පිරිලා වාණිජ මහාධිකරණයේ නඩු පිරී ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද(5) පැවසීය. 05 July 2023
රාගල වතු නිවාස පෙළක් ඇවිලෙයි නුවරඑළිය රාගල ලෝවර් ඩිවිශන් වත්තේඅංක හය ලැයිමට අයත් නිවාස පේලියේ හටගත් ගින්නක් හේතුවෙන් නිවාස20ක් මුළුමනින්ම විනාශ වී ඇති බව රාගල පොලිසිය සඳහන් කරයි . 05 July 2023
සුළගෙන් වේලාපුර විදුහලේ ගොඩනැගිල්ලක වහල ගැලවෙයි කළුතර ප්‍රදේශයට අද පෙරවරුවේ හදිසියේ ඇතිවූ සුළි සුළං තත්ත්වය හේතුවෙන් කළුතර වේලාපුර විදුහලේ තෙමහල් ගොඩනැගිල්ලේ වහලය විනාශවී ඇත. 05 July 2023
වරෙන්තුකරුවෙක් කොටුව පොලිස් මුරපොලට හානි කරලා පිටකොටුව ඕල්කට් මාවතේ බෝධිය පොලිස්මුරකුටිය තුළ පොලිස් නිලධාරීන්ට පිහියක් පෙන්වා තර්ජනය කර මුරකුටියට අතින් පයින් පහරදී අලාභ හානි කර පලායාමට උත්සහ කළ විවෘත වරෙන්තුකරුවෙක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 05 July 2023
‘අස්වැසුම’ අභියාචනා ලක්ෂ 6 ඉක්මවයි ‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් නොවූවන්ගෙන් අභියාචනා ලක්ෂ 6 කට සහ විරෝධතා 8,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය. 05 July 2023
ණය යෝජනාවෙන් කෝටි ලක්ෂ 12ක් නැති වෙනවා රජයේ ණය ප්‍රතිව්‍යුහකරණ යෝජනාවෙන් රුපියල් කෝටි ලක්ෂ 12 ක මුදලක් මෙරට වැඩ කරන ජනතාවට අහිමි වන බව වෙරිටේ රිසර්ච් සමීක්ෂණ ආයතනය තොරතුරු අනාවරණය කර ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 5) පැවසීය. 05 July 2023
මැෂින් ක්‍රියාකරුට අත අහිමිවෙයි මිල්ලනියේ මෙට්ට නිෂ්පාදන කර්මාන්ත ශාලාවක යන්ත්‍රයකට අත සිර වූ පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා අද (5) පෙරවරුවේ හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කළ බව කළුතර උතුර පොලිසිය කියයි. 05 July 2023
නඩු කල් යෑම නතර කිරීමට පාර්ලිමේන්තු යෝජනාවක් මහේස්ත්‍රාත් අධිකරණ වල සිට සියලුම අධිකරණවල නිශ්චිත කාලයකට නඩු අවසන් කිරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවට යෝජනා කරන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 July 2023
තේ දළු නෙලූ කත ගසකට යටවී මරුට පන්විල පොලිස් වසමේ මඩොල්කැලේ නෙල්ලිමලේ වත්තේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් දෙදෙනකු මතට විශාල ගසක් කඩා වැටීමෙන් එක් කාන්තාවක් එම ස්ථානයේදීම මියගො බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ . 05 July 2023
ඉන්දියාව සමග එළඹි ගිවිසුමක් දිගු කරයි ලක් විජය විදුලි බලාගාර ජැටියට අඟුරු ප්‍රවාහනය පිණිස සැහැල්ලු යාත්‍රා(බත්තල්) තබා ගැනීම සඳහා ලංකා නැව් සංස්ථාව හා ඉන්දියාව අතර පවතින ගිවිසුම දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 05 July 2023
තිරිඟු පිටි ගෙන්වන නව ක්‍රමවේද පාර්ලිමේන්තුවට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීම මගින් තිරිඟු පිටි ආනයන බලපත්‍ර ක්‍රමවේදය නැවත ස්ථාපිත කිරීම සඳහා 1969 අංක 1 දරණ ආනයන හා අපනයන පාලන පනතේ විධිවිධාන පරිදි 2003 අංක 10 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි 2023 ජුනි මස 14 දිනැති ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 05 July 2023
කෙහෙළිය ඖෂධ අධිකාරියේ මාෆියාව හෙළිකරයි ඖෂධ මිල වැඩි වුණේ ඖෂධ නියාමන අධිකාරියේ කලක් තිස්සේ අරක්ගෙන සිටි පිරිසක් ලිපිගොනු අවුරුදු පහ හය පල් කිරීම නිසා බවත් අධිකාරියෙන් මෑතකදී ඉවත් කළ වෛද්‍ය විශේෂඥයකු පසුගිය දවසක නැවතත් එහි පැමිණ එකෙක් හිරේ යවලා හරි මැරෙන්න කලින් ලොකු පුටුවෙ වාඩි වෙනවා යැයි පවසා තර්ජනය කර ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 July 2023
උතුරේ සෞඛ්‍ය නංවන්න නෙදර්ලන්තයේ පිහිට නෙදර්ලන්ත මූල්‍ය අනුග්‍රහය යටතේ උතුරු පළාතේ සෞඛ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 July 2023
වතුර නැතුව රොටවැව කුඹුරු අක්කර 450ක් අවදානමේ පොලොන්නරුව මහවැලි බී කලාපයට අයත් සිංහපුර මහවැලි කොට්ටාශයේ රොටවැව හරහා නිසිපරිදි තම කුඹුරුබිම් සඳහා ජලය නොලැබීමෙන් මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු අක්කර 450 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් පවතින බව කන්දකාඩු ගොවීහු සඳහන් කරති. 05 July 2023
ජපන් සැහැල්ලු දුම්රිය සේවයට කැබිනට් අනුමැතිය ජපන් රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 05 July 2023
කොත්තු, රයිස් සියයට 10කින් අඩු වෙයි කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල ගණන් 10% කින් අඩුකිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. 05 July 2023
නිධන් සෙවූ 5ක් පොලිස් දැලේ පුද පූජා පවත්වමින් කුඩා උඩුව හික්ගහ කන්ද ප්‍රදේශයේ ගල් තලාවක් පුපුරුවා හැර නිධන් සෙවූ කණ්ඩායමේ සැකකරුවන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. 05 July 2023
කතරගම පාද යාත්‍රාවට නාවික හමුදාවෙන් වතුර කතරගම පාද යාත්‍රාව සඳහා සහභාගී වූ බැතිමතුන් වෙනුවෙන් යාල ලිං තුන ප්‍රදේශයේ නාවික හමුදාව ප්‍රතිආශ්‍රැති ජල පෙරන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර බැතිමතුන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා දීමට කටයුතු කර ඇත. 05 July 2023
රෝහල් රැසක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වෙලා ගල්ගමුව, කුලියාපිටිය ඇතුළු දිවයිනේ මහ රෝහල බොහොමයක ලේ මාරු කරන යන්ත්‍ර අක්‍රීය වීමෙන් රෝගීන් මැරි මැරී යන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026