(අංජුල මහික වීරරත්න)
රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට තීරණය කර තිබේ.
ඊට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස නිවාස ඉදිකිරීම් සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්දන් මහතාට උපදෙස් දුන්නේය.
එමගින් ආයතනයේ අඩුපාඩු සියල්ල හෙළිදරව් කරගත හැකි බව කී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව වැනි ආයතනයක් නවීන ලෝකයට ගැලපෙන පරිදි දියුණු කිරීම සඳහා මෙවැනි විගණන පරික්ෂණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවද කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd