සිමෙන්ති මිලත් අඩු කරයි සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය. 06 July 2023
ලාෆ් ගෑස් මිලත් පහළට ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කළ බවත් නව මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම පැවසීය. 06 July 2023
රත්තරන් මිලේ සුළු ඉහළ යෑමක් දින කීපයක් එකම පරාසයක පැවති මෙරට රත්තරන් මිලේ යම් වෙනසක් වී ඇති බවත් එම උච්චාවචනයත් සමඟ රන් මිලේ සුළු ඉහළ යෑමක් දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 06 July 2023
ආයුර්වේද පනත ගැන ඇමතිගෙන් සහතිකයක් පාරම්පරික වෛද්‍ය ක්‍රමයට හානි වන කිසිවක් ආයුර්වේද පනත් කෙටුම්පතේ නැතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතා පැවසීය. 06 July 2023
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවේ විදුලිබල ප්‍රකාශන දෙකක් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා විදුලිබල ක්ෂේත්රයේ බලශක්ති අංශයේ ප්‍රකාශන දෙකක් එළිදැක්වීම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්රදානත්වයෙනන් පැවැත්විණි. 06 July 2023
‘‘දුන්නු ඇත්තු යළි ගෙන යන්නේ නෑ‘‘ සමාජ මාධ්‍යයේ මොන පුවත් සංසරණය වුවත් තායි රාජා, කණ්ඩුල රාජා, හෝ තායිලන්තයෙන් මෙරටට ලබාදුන් කිසිදු ඇතකු යළි ලබා ගැනීම සම්බන්ධයෙන් තායිලන්ත රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති පොජ් හර්න්පෝල් (Poj Harnpol) මහතා පවසයි . 06 July 2023
ලොරි -යතුරුපැදි ගැටීමෙන් යුවළක් මරුට කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය කළ ලොරියක යතුරු පැදියක් ගැටී සිදුවූ මාරක රිය අනතුරකින් තරුණ අඹුසැමි යුවළක් මරණයට පත්වූ බව දොරටියාව පොලීසිය පැවසීය. 06 July 2023
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වෙනම මුද්දරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද නිකුත් කෙරිණ. 06 July 2023
වාරිමාර්ග - බලශක්ති ඇතුළු ක්ෂේත්‍ර රැසක් ගැන ඉරානය සමඟ සාකච්ඡා වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඉරාන රාජ්‍යයේ සංචාරයක් අතරතුර එරට වාරිමාර්ග, ජලාශ හා බලශක්ති අමාත්‍ය අලි අක්බාර් මහතා සමඟ ක්ෂේත්‍ර රැසක් පිළිබඳව සාකච්ඡා කළේය. 06 July 2023
මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු ට්විටර් එයි ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් වසර 11කට පසු අද (06) උදෑසන ට්විටර් වෙත පැමිණ තිබේ. 06 July 2023
නීතියෙන් හිර කරන්නේ හාල්මැස්සන් පමණයි රටෙි නීති දුර්වල නම් පොල් ගෙඩිය අටක් හොරකම් කළ මිනිහා හිරේ යන්නේ කොහොමදැයි ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 July 2023
හම්බන්තොට වරායේ ගෑස් කාන්දුවක් නෑ හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි ගෑස් පර්යන්තයෙන් ගෑස් කාන්දුවන බවට කරන ප්‍රචාර පිළිබඳව කළ විමර්ශනයේදී එවැනි ගෑස් කාන්දුවක් නොමැති බව තහවුරු වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 06 July 2023
මෙරට නිල සංචිත ඉහළට මෙරට දළ නිල සංචිත පසුගිය ජූනි මස අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත. 06 July 2023
අවන්හලක ගැටුම මරණයෙන් කෙළවර වෙයි කොළඹ කොටුව ගාලුමෝදර අවන්හලක ඉන්දියන් ජාතික කළමනාකරු ඉන්දියන් ජාතික ප්‍රධාන අරක්කැමියා ට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කොටුව පොලීසිය කියයි. 06 July 2023
සාගරගේ පත්වීමට විරෝධය පෑමෙන් මැතිසබයේ උණුසුමක් මූල්‍ය බංකොලොත්භාවට හේතු පරික්ෂා කිරීම සහ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් අද (6) පෙරවරුවේ ඇතිවිය. 06 July 2023
ජනපතිගේ උදව් එපා ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් එකතු වෙන්නැයි කියා ජනපති විපක්ෂයට ආරාධනා කරන්නේ හොරු අල්ලන්න ද? හොරු බේරන්න දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 July 2023
පල්ළෙකැලේ සිරකරුවෙක් පැන යයි පල්ළෙකැලේ එළිමහන් සිර කඳවුරෙන් සිරකරුවෙක් පැන ගොස් ඇත බවත් අදාල සිරකරු සොයා මේ වන විට පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 July 2023
සුළඟෙන් විදුලියට බර හානි අයහපත් කාලගුණ තත්ත්වය නිසා දිවයින පුරා විදුලිය බිඳවැටීම් දාහතර දහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 July 2023
හොරාගෙ අම්මගෙන් පේන අහන්න එපා රට බංකොලොත් උනේ කොහොමද කියලා හොයන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීම පිළිගන්න බැරි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 July 2023
සැකකරු පැන ගියාට පී.සී.ගේ වැඩ තහනම් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තුවකට අදාළව අත්අඩංගුවට සැකකරුවෙක් කොච්චිකඩේ පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටියදී ඉන් පැන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇත. 06 July 2023
කැබ් රියේ ගැටුණු සිසුවා මරුට යාපනය නුවර ඒ නවය මාර්ගයේ කිලිනොච්චය පලෙයි ප්‍රදේශයේදී කැබ්රථයක් පාපැදියක ගැටී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් මියගොස් ඇතැයි පලෙයි පොලිසිය පවසයි. 06 July 2023
දරුවන් පාසලට දාන්න හොර සහතික දුන් ග්‍රාම නිලධාරී මාට්ටු මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය විද්‍යාලයට සිසුවියන් දෙනෙකු ඇතුළත් කිරීමට ව්‍යාජ ගුරු පුහුණුවක ඇතුලත් කිරීමට ග්‍රාම සේවා සහතික නමයක් සකස් කළේ යැයි කියන ග්‍රාම නිලධාරීවරයෙක් මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 06 July 2023
බැංකු පොලිය පහළ දමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහල දැමීමට තීරණය කර තිබේ. 06 July 2023
අද සිට වැස්සේ අඩුවීමක් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින තද වැසි සහ සුළං තත්වය අද සිට තරමක අඩුවීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 July 2023
තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට කුරුල්ලන් තිදෙනක් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ ’’ ද්විත්ව කරමල් කැසොවරි ’’ ( Double Wattled Cassowary ) කුරුල්ලන් තිදෙනකු තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 06 July 2023
ඇසට කාචයක් දැමීමට ගිය මවක ශල්‍ය කර්මයෙන් පසු මරුට කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී ඇසේ ශල්‍ය කර්මයක් කළ සිට 35 හැවිරිදි දෙදරු මවක ශල්‍ය කර්මයෙන් පසු සිහිය නොලබාම මියගොස් ඇතැයි කොළඹ අක්ෂි රෝහලෙන් වාර්තා වේ. 05 July 2023
කපා කොටා තරුණයකු මරලා නාගලගම් වීදිය ගෑස් අලෙවිසලක් ආසන්නයේදී අද සවස පුද්ගලයන් තිදෙනෙකු විසින් මන්නා පිහිවලින් කපා කොටා තරුණයකු ඝාතනය කර පළා ගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි. 05 July 2023
හරකා රුහුණු කුමාරිට බාධා කරයි මරදාන සිට මාතර බලා ගමන්ගත් රුහුණු කුමාරි දුම්රියට බේරුවල හෙට්ටිමුල්ල ප්‍රදේශයේදී එළ හරකෙක් ගැටීමෙන් එම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇතැයි අලුත්ගම දුම්රිය ස්ථානාධිපති පවසයි. 05 July 2023
නුවරඑළියේ පාසල් හෙට සහ අනිද්දා වහයි නුවරඑළිය අධ්‍යාපන කලාපයේ සියලු පාසල් හෙට සහ අනිද්දා වසා දැමීමට තීරණය කළ බව නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කියයි . 05 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026