IMG-LOGO

අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනපතිට අක්තපත්‍ර දෙති

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23)වෙත අක්ත පත්‍ර බාර දුන්හ.

ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය සඳහා නව තානාපතිවරුන් දෙදෙනෙක් පත්ව සිටින අතර, මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සඳහා නව මහකොමසාරිස්වරයෙක් පත්ව සිටියි.

ඉතාලි තානාපති දමියානෝ ෆ්‍රැන්කොවිහ්,මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තයේ මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික්, ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහත්වරු මෙලෙස අක්ත පත්‍ර බාර දුන්හ.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනපතිට අක්තපත්‍ර දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site