නාගරික විදුලි රැහැන් භූගත කිරීම නුගේගොඩින් ඇරඹේ නාගරික සංවර්ධනයට සහ විදුලි පද්ධතියේ අඛණ්ඩ සැපයුමට බාධාවක් බවට පත්ව ඇති නාගරික විදුලි රැහැන් පද්ධතිය භූගත කිරීමේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ලෙස නුගේගොඩ නගර මධ්‍ය විදුලි පද්ධතිය භූගත කර පද්ධතියට සම්බන්ධ කිරීම අද (7) සිදුකෙරිණි. 07 July 2023
පොලිස්පති ගැන අගමැතිගෙන් පොරොන්දුවක් පොලිස්පතිවරයා පත් කිරීම ඉදිරි පැය 48 දී සිදුවනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 July 2023
රාහුල්ට යළි මන්ත්‍රීවරයකු වීමේ අවස්ථාව ගිලිහෙයි ඉන්දියානු කොංග්රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට තිබූ අවස්ථාව අහිමි වී ගියේය. 07 July 2023
සමාජ ආරක්ෂණ සම්මාන උළෙලින් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය සංවිධානය කළ ’’ සමාජ ආරක්ෂණ සම්මාන උළෙල - 2023 ’’ අද ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 07 July 2023
සාම්පූර් සෝලා උද්‍යානයට බලපත්‍රය නිකුත් කරයි මෙගාවොට් 130 ක සාම්පූර් ග්‍රවුන්ඩ් මවුන්ට් සෝලා විදුලිබල උද්‍යානයේ මෙගාවොට් 50 බලාගාරයේ පළමු අදියර සඳහා බලශක්ති බලපත්‍රය ලබන සතියේ නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (7) පැවසීය. 07 July 2023
රියදුරු ඝාතනයට හිටපු උප ලුතිනන් අත්අඩංගුවට ආණමඩුව තෝනීගල ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළදි බිරිදගෙ අනියම් සැමියා බව කියන පුද්ගලයා මරා දැමු යුද හමුදාවේ හිටපු උප ලුතිනන්වරයකු ඝාතනය සිදුකර වසර හයකට පසු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පැවසිය. 07 July 2023
මේ වසර තුළ උසස් පෙළ පවත්වනවා අපොස උසස් පෙළ විභාගය මේ වසර අවසාන්වීමට පෙර පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාලිමේන්තුවේදී අද (7) පැවසීය. 07 July 2023
ඉංජිනේරු සංස්ථාවේ සභාපති කාමරේක හිර කරයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතුකරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසීය. 07 July 2023
ප්‍රංශය යුක්රේනයට දුන්න අවි වලින් ප්‍රංශයටම ගහලා ප්‍රංශය යුක්රේනයට ලබා දුන් අවි නැවත ප්‍රංශයටම පැමිණ තිබෙන බවත් ප්‍රංශ විරෝධතාකරුවන් එරට පොලිසියට පහර දීම සඳහා එම අවි යොදා ගන්නා බවත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය චෝදනා කර ඇත. 07 July 2023
2050දී ඉන්දියාව ඇමෙරිකාව පරදයි ලෝක ආර්ථිකයේ වත්මන් බලවතුන් අතර දෙවැනි ස්ථානයේ පසු වන ඇමෙරිකා එක්සත් ජනපදය පසු කරමින් ඉන්දියාව 2050 වසරේදී ලෝක ආර්ථික බලවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට පැමිණෙනු ඇතැයි පී.ඩබ්ලිව්.සී සමාගමේ ’2050 වසරේ ලෝකය නම්’ වාර්තාව උපුටා දක්වමින් යාහු ෆයිනෑන්ස් වෙබ් අඩවිය පුරෝකථනය කර ඇත. 07 July 2023
සිසුන් හතරක් මත් කර අපයෝජනය කරලා අලුත්ගම සංචාරක නිකේතනයක දී අවස්ථා ගණනාවක මත්වතුර පානයට දී පාසල් සිසුන් 4 දෙනෙකු අපයෝජනය කළ සැකකාර පුද්ගලයන් දෙදෙනෙකු (7) දින අලුත්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි. 07 July 2023
විදුලි සම්බන්ධතා තැන්පතුවට ජූලි මස සිට පොලියක් ගෙවයි විදුලි සම්බන්ධතාවයක් ගැනීමේදී පාරිභෝගිකයා තැන්පත් කරන මුදලට පොලිය මෙම මස (ජූලි) සිට ගෙවීමට විදුලිබල මණ්ඩලය පොරොන්දු වූ බව විදුලි, පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සාමාජික ආචාර්ය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය. 07 July 2023
ග්‍රාම නිලධාරීන්ට සාමදාන විනිශ්චයකාර තනතුර ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සියලුම පරිපාලන ග්‍රාම නිලධාරියෙක්ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවයෙක් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 07 July 2023
ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට 5ක් අත්අඩංගුවට ග්‍රෑන්ඩ්පාස් නාගලන් වීදිය ගෑස් වෙළඳ සැලක් තුළ දී තියුණු ආයුධවලින් කපා කොටා තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි . 07 July 2023
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් මේ වසර අවසානය වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 07 July 2023
’’ගුණතිලකගේ නඩුවට ජූරි සභාවක් අවශ්‍ය නෑ’’ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නඩු විභාගයට ජූරි සභාවක් අවශ්‍ය නොවන බව ඔහුගේ නීතිඥවරයා සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේදී ප්‍රකාශ කර ඇත. 07 July 2023
රනිල් තමන් ගැන හිතන්නේ නෑ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීන්දු ගන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහජනතාවගේ අනාගතය ගැන සිතන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 07 July 2023
ජංගම දුරකතනය පුංචි මලක් පර කරයි පියාගේ ජංගම දුරකථනය පාසලට රැගෙන ගොස් සිටියදී විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් වූ බව කියන අවුරුදු පහළොවක් වයස සිසුවියක නිවස තුළදී මියගොස් සිටියදි සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි. 07 July 2023
තැනින් තැනට විටින් විට පොඩි වැස්සක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 July 2023
නෙදර්ලන්තය ක්‍රිකට් ලෝක කුසලානයට සුදුසුකම් ලබයි සිම්බාබ්වේහිදී දැන් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තගරයට සුදුසුකම් ලබාගැනීමට නෙදර්ලන්තය අද (6) සමත් වූ අතර ඒ අනුව නෙදර්ලන්තය ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීය. 06 July 2023
පාරිතෝෂික ගෙවීමේ නීති වෙනස් කරන්න යෝජනා වර්තමාන කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දැනට පවතින අවුරුදු 5 ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කරන බවත් එම නීතිය වර්ෂයකට දින 180 ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු යැයි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (6) පැවසීය. 06 July 2023
පාර්ලිමේන්තු කමිටුවලට යන නිලධරයන්ට උපදෙස් මාලාවක් පාර්ලිමේන්තුවේ ඕනෑම කාරක සභාවක රැස්වීම් වලට සහභාගී වන නිලධාරීන් සාකච්ඡාවට භාජනය වන විෂයයන් පිළිබඳ අදාළ දැනුමෙන් සන්නද්ධ විය යුතු අතර කාරක සභාව විසින් ඉල්ලා සිටින විට තොරතුරු සැපයීමට සූදානම් විය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා දැනුම් දී තිබේ. 06 July 2023
පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට නොදුන්නොත් ලෙඩේ ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ වාසිය වෙළඳපොළට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්න බවත් මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (06) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. 06 July 2023
කෝච්චියේ බෑග් උස්සන මැජික් කල්ලියක් ගමන් මලු රැගෙන දුම්රියන්හි ගමන් කරමින් මගීන්ගේ ගමන් මලු වලට තමන්ගේ ගමන්මළු මාරුකරමින් බෑග් සොරකම් කිරීමේ ජාවාරමක නියැලෙන බව කියන සිදුවීමි කීපයක් මේ දිනවල වාර්තා වී ඇති බවත් සිය ගමන්මලු ගැන අවධානයෙන් සිටින ලෙස මගීන්ට දන්වන බවත් ශ්‍රී ලංකා දුම්රිය නියාමක සංගමයේ උපලේකම් චින්තක සිරිවර්ධන මහතා අද (6) පැවසීය. 06 July 2023
පොලිසියේ යකා නැටූ ඒ.එස්.පී ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි පොලිස් නිලධාරීන්ගේ මෙන්ම නිළ ඇඳුමේ ගෞරවය ද කෙලෙසන ආකාරයෙන් පිලියන්දල පොලිසිය වෙත පැමිණි සියලුම තරාතිරමේ නිලධාරීන් ට බැන වැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (6) කැඳවා පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 06 July 2023
දූෂණ විරෝධී පනත සම්මතයි දූෂණ විරෝධී පනත් කෙටුම්පත පසුව සංශෝධන ඇතුළත් කිරීමට යටත්ව පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණ. 06 July 2023
බැංකු ගිවිසුම් ගත පොලිය ගෙවනවා ස්ථාවර තැන්පතු වල ගිවිසුම් ගත සම්පූර්ණ කාලසීමාව සඳහා අදාළ පොලිය ගෙවීමට බැංකු කැපවී සිටින බව ලංකා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජික රසල් ෆොන්සේකා මහතා පැවසීය. 06 July 2023
හොරු ඇල්ලීම බොරු බව අලි සබ්රි කියයි විපක්ෂයේ ඉදිද්දි හොරු අල්ලන බව කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින් දෙපැත්තට බෙදී බැන ගන්නා බවත් හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන් හැමදාම බලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 July 2023
සිමෙන්ති මිලත් අඩු කරයි සිමෙන්ති කිලෝග්‍රෑම් 50 කොට්ටයක මිල රුපියල් 300 කින් අඩුකිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (6) පැවසීය. 06 July 2023
ලාෆ් ගෑස් මිලත් පහළට ලාෆ් ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 300 කින් අඩු කළ බවත් නව මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් ලාෆ් ගෑස් සමාගම පැවසීය. 06 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026