(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ නිලධාරීන්ට සහ සෙසු නිලධාරීන්ට තර්ජනය කිරීමෙන් පදනම් විරහිත චෝදනා නැගීමෙන් සහ දෝෂාරෝපණ කිරීමෙන් වළකින ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලු මන්ත්‍රීවරුන්ගෙන් අද (24 )ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තුවේදී ඊයෙ(23) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය පදනම් කරගෙන කතානායකවරයා මෙම ඉල්ලීම කළේ නිවේදනයක් නිකුත් කරමිනි.
කතානායකවරයාගේ එම නිවේදනය නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) කියවීය.
කතානායක වරයා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ සභාවේ වැඩකටයුතු කරගෙන යාමේදී සහ සමහර අවස්ථාවලදී සභා ගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශ්වයේ හා විරුද්ධ පාර්ශ්වයේ ඇතැම් මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණ මෙම උත්තරීතර සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව ගරු සභාවේ අවධානයට යොමු කරනු කැමැත්තෙමි.
විශේෂයෙන් සභාවේ වැඩකටයුතු පවත්වාගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූලව එම කටයුතු ස්වාධීන හා අපක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීමට කතානායකවරයාට හෝ මූලාසනයට උපදෙස් ලබාදීමේ සහ සහායවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූලව සිය වගකීම ඉටුකිරීමට බලපෑමක් මෙවැනි කටයුතු හරහා විය හැකියි. එබැවින් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරමින් සිදු කරනු ලබන තර්ජනය කිරීම්, පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව ඉල්ලා සිටිමි.
මේ අතර නිලධාරීන් පිළිබඳ එවැනි චෝදනා ඇත්නම් ඒවා කතානායකතුමාට යොමු කරන ලෙස නියෝජ්‍ය කතානායකවරයා මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතානායකගෙන් පණිවුඩයක්