IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මේ අවුරුද්දේ තැපැල් කාර්යාල දාහතරක් කඩා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දිවයින පුරා තැපැල් කාර්යාල 14 ක් මේ වසරේදී  සොරුන් විසින් කඩා දේපළ  සොරකම් කරනු ලැබ ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (24)  පැවසීය.

මෙම තැපැල් කාර්යාලවල තිබී  කෝටියකට ආසන්න මුදලක් සොරකම් කර ඇතැයි පැවසූ රාජ්‍ය  අමාත්‍යවරයා මීට අමතරව  මුද්දර ඇතුළු තවත් වටිනා දේපළද  සොරකම්  කර තිබෙන බව   ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට,එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ  පොලිස්පතිවරයාට දැනුම්දී  තැපැල් කාර්යාලවලට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලීමක් කළ බවද  හෙතෙම පැවසුවේය.

පොලිසියට  පේන දුර තිබෙන තඹුත්තේගම තැපැල් කාර්යාලයද සොරුන් කඩා තිබූ බව ශාන්ත බණ්ඩාර මහතා  කීවේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසූවේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



අදහස් (6)

මේ අවුරුද්දේ තැපැල් කාර්යාල දාහතරක් කඩා

ravin Thursday, 24 August 2023 02:29 PM

උත්තරිතර තැන හිදගෙන මුලු රටම හොරකම් කරනකොට ......... තැපැල් කාර්යාල ගැන කුමන කතාද.

:       0       3

Hafeel Thursday, 24 August 2023 05:17 PM

මෙම හොරුන් සිංගප්පූරුවට මගුල් කන්න ගිහිල්ලාද?

:       0       0

sunil Thursday, 24 August 2023 07:35 PM

ශාන්ත බන්ඩෝ, මේ අහගනින් ..අපි තැපැල් කාර්යාල කඩන්නේ බඩගින්න නිවාගන්න කියක් හරි හොයාගන්න.නමුත් තොපි මුළු රටේම ජනතාවගේ ධනය හොරා කෑවා.දවසක් අපි දැක්කා උඹ බොරුවට අඬනවා.බලාගෙන හිටපන් වල් පරයෝ,තොපි නිල්බලකාය කාලේ නාමල් එක්ක දුෂණය කරපු කෙල්ලන්ගේ දරුවන්ගෙන් තොපේ ඉරණම තීරණය වෙනවා.කුලියාපිටියේ කෙල්ලෝ 3 දෙනෙකුට උඹගේ ළමයි ඉන්නවා , ළඟදීම දවසක ඒ දරුවන් අපි සමාජයට ඉදිරිපත් කරනවා.

:       0       2

dingiraala Thursday, 24 August 2023 07:38 PM

බබා මුකුත් දන්නේ නැහැ.මේකාගේ ගෝලයෝ තමයි ඕවා කඩන්නේ. මේකාගේ කුට්ටිය වෙලාවට ලැබෙනවා.හිරේ යන්න ලැහැස්තිවෙයන් .

:       0       2

Perera Thursday, 24 August 2023 09:17 PM

රටේ හොඳ වෙලාවට... ඒක මහ බැංකුවේ තියෙන්නේ...!

:       0       0

Bamunuarachchi Friday, 25 August 2023 05:25 AM

ජෙප්පෝ දැන්මම වැඩේ පටන් අරන්ද?

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site