අද දිනයේ දෙවන දුම්රියත් පීලි පනී මරදාන දුම්රිය ස්ථනයෙන් අද (19) පස්වරු 6.25 ට පිටත්ව අලුත්ගම දුම්රිය ස්ථානය දක්වා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අලුත්ගම දුම්රිය අංගනය වෙත ගාල් කිරීමේදී දුම්රියේ එංජිම පීලි පැනීමකට ලක්ව තිබේ. 19 January 2023
කොළඹ සරසවියේ පුංචි සිසුවිය සමු ගනී සරසවි පෙම්වතාගේ තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මියගිය සරසවි සිසුවිය හෝමාගම කිරිවත්තුඩුව ගල්කන්ද ප්‍රදේශයම හඬවා අද මළහිරුබැස යන සන්ධ්‍යවේ සමුගත්තේය. 19 January 2023
පුංචි මන්ත්‍රී අහිංසක කතකට කළ හදිය පුත්තලම වනාතවිල්ලුව මයිලන්කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට අයත් ඉඩමක අටවා ගත් පැල්පතක සිටි කාන්තාවක ඇයගේ දේපොළ එළියට ඇද දමා ප්‍රාදේශීය දේශපාලනාඥයකු එම පැල්පතට ගිනි තබා ඇතැයි වනාතවිල්ලුව පොලිසිය කියයි. 19 January 2023
වෛද්‍ය රුක්ෂාන් පැය පහකට පසු මුදා ගැනේ කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන්ගේ පැය පමණ කාලයක් කාමර අඩස්සියේ තබාගෙන සිටි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පොලිසිය සහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් විසින් පැය පහකට පමණ පසු නිදහස් කර ගනු ලැබීය. 19 January 2023
ගනේවත්ත නොනවත්වා වේයන්ගොඩට යයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (19) පස්වරුවේ ගනේවත්ත බලා පිටත්ව ගිය දුම්රිය ගනේමුල්ල සහ ගම්පහ යන දුම්රිය ස්ථානවල නවත්වන්නේ යැයි මරදාන දුම්රිය ස්ථානයේදී නිවේදනය කළ ද දුම්රිය එම දුම්රිය ස්ථානවල නතර නොකිරීම හේතුවෙන් වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී මගීන් නොසන්සුවය හැසිරීම නිසා උණුසුම් තත්වයක් ඇතිවිය. 19 January 2023
හැදුනුම්පතට ලිපිය දෙන්නේ පාසල් අයදුම්කරුවන්ට පමණයි හැදුනුම්පත් සඳහා වර්තමානයේ ලැබෙන අයදුම්පත් ප්‍රමාණයට කාඩ් නිකුත් කිරීමට ප්‍රමාණවත් කාඩ් තොග ඇති බවත් එම ආනයනික කාඩ්පත් කළමණාකරණය කිරීමේ උපායමාර්ගය ලෙස පාසල් අයදුම්කරුවන්ට පමණක් ජාතික හැදුනුම්පත ‘තහවුරු කිරීමේ ලිපිය’ නිකුත් කළ බවත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පැවසීය. 19 January 2023
මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සම්මතයි ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් සීමා කිරීම සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පස්වරුවේ වැඩි ඡන්ද 61 කින් සංශෝධන සහිතව සම්මතවිය. 19 January 2023
විද්‍යුත් යතුරුපැදිවලට පිරිවිතර සකස් කරයි ශ්‍රී ලංකාව මුහුණදී සිටින ඉන්ධන අර්බුදයට මුහුණ දීම සඳහා විද්‍යුත් යතුරුපැදි ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අද (19) ආරම්භ කළේය. 19 January 2023
ජොන්ස්ටන් එරෙහි නඩුවක් ලබන මස 28ට කල්යයි වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතු වලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 59කට අධික පාඩුවක් කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය පෙබරවාරී මස 28 වනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (19) තීරණය කළේය. 19 January 2023
වෙනම තරඟ කළත් අලුත් සන්ධානය සමඟ ඇති බැඳීමට හානියක් නෑ පළාත් පාලන මැතිවරණයේ දී බහුතර ආයතන සංඛ්‍යාවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරඟ කළත් නිදහස් ජනතා සන්ධානය සමඟ ඇති බැඳීමට ඉන් ගැටලුවක් වන්නේ නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 19 January 2023
සතොස භාණ්ඩ වර්ග 12 ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 19 January 2023
සජිත්ට බස් ලයිෂන් තියෙනවද? විපක්ෂ නායකතුමා බස් බෙදාගෙන යනවා. එතුමා බස් එක එළවන්නෙ ලයිසන් එකක් තියාගෙන දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී විමසුවාය. 19 January 2023
ජයිෂංකර් දිවයිනට ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්.ජයිෂංකර් (Dr: S.Jaishankar) මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත අද (19) සවස පැමිණියේය . 19 January 2023
කන්න නැති රටවල් අතර ලංකාව තවත් ඉදිරියට ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් හය වෙනි ස්ථානයට පත්ව ඇත.එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 කි. 19 January 2023
සුරේන්ගේ ’’බෝ එක’’ දයාසිරිට ප්‍රශ්නයක් වෙයි ඇඳුමට ’’බෝ එකක්’’ දමාගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්නට බැරි බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සභාව අමතන අතරතුර නැගී සිටිමින් පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 January 2023
ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා දැඩි සහයෝගයක් ලබා දෙන බවත් ඉන්දියාව තහවුරු කිරීම පිළිබඳ අසන්නට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහහත්මිය පවසා ඇත. 19 January 2023
’’පාරට එන්නත් බෑ කතිරෙ ගහන්නත් බෑ’’ ජනතාවට තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පාරට බහින්න ඉඩ දෙන්නේ නැති ආණ්ඩුව ඔවුනට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා කතිරය ගැසීමටත් අද ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2023
පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් වෙලා පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් බවට පත්වී ඇතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2023
එජාපය කොළඹට ඇප බඳී 2023 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ මහ ලේකම් කාර්යාලයේ දී අද සිදු කෙරිණි. 19 January 2023
මැතිවරණ වියදම් පනත හැදුවේ කොමිසම මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සකසන ලද්දේත් ඉදිරිපත් කරන ලද්දේත් මැතිවරණ කොමිසම විසින් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2023
මැතිවරණ කොමිසමේ දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල වෙලා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි තමාට දැනගන්නට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2023
නවවැනි ගල්අඟුරු නෞකාවත් එයි විදුලි ජනනය සඳහා ආනයනය කළ නවවැනි ගල්අඟුරු නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවූ බවත් එම ගල්අඟුරු තොගය ගොඩබෑම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 January 2023
කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් දිවුරති කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 19 January 2023
අමරවීර වන ජීවී ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වනසම්පත් අමාත්‍ය ධුරයට අයත් රාජකාරි වලින් ඉල්ලා අස්වන බව දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ. 19 January 2023
හැර ගිය පෙම සිහිකරමින් කැරපොත්තෙකුට නම් තබන්න සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමේ අපූරු වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී ආරම්භ වෙයි. 19 January 2023
නඩුකාරවරුන්ගෙ වැඩ ගැන මට මැදිහත් වෙන්න බැහැ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමාට මැදිහත් විය නොහැකි බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2023
කෘ.ප.නි.සලා 50කගේ සේවය අත්හිටුවයි රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී වාර්තා වන අක්‍රමිකතා වලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 19 January 2023
සුමිත්‍රා පීරිස්ගේ අභාවයට මැති සබයේ ශෝකය කෘතහස්ත සිනමාවේදනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය වෙනුවෙන් මැති සබයේ ශෝකය පළකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 January 2023
ආරක්ෂක අංශ තදින් ඉන්න ඕන පාස්කු ප්‍රහාරයේදී මෙන්ම මැයි 9 වැනිදා හා ජූලි 9 වැනිදා ඇතිවූ සිද්ධි වලදී ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටලු තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2023
හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 19 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026