(චාපා මධුභාෂිණී)

දියසෙන්පුර ලංගම ඩිපෝ නිලධාරියකු එම ඩිපෝවේ කොන්දොස්තරවරයකුගෙන් රුපියල් 60,000 අල්ලසක් ගනිද්දි අත්අඩංගුවට ගත් බව  අස්ලස් හා දූෂණ මර්ධන ඒ්කකය පවසයි.

මෙම ඩිපෝවට අනුයුක්තව සේවය කළ  කොන්දොස්තරවරයකුට  බස් ටිකට්පත් තොගයක් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවකින් අදාල කොන්දොස්තරවරයා නිදහස් කර දීමට රුපියල් 60,000 අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

පසුව මෙම කොන්දොස්තරවරයා පසුගිය 24 වන දින අදාල මුදලද රැගෙන මැදිරිගිරිය විහාරමාවත ප්‍රදේශයේදී ඒම මුදල ස්ථානභාර නිළධාරීවරයාට ලබා දෙනවිට අල්ලස් හා දූෂණ මර්ධන ඒ්කකය විසින් ස්ථානභාර නිළධාරීවරයා අත්අඩංගුවට ගෙන ඇත.