(ඉන්දිකා රාමනායක)

මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ඊයේ (24) රාත්‍රී හටගත් ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස්,තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි මට්ටක්කුලිය පොලිසිය පවසයි.

ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගමන් කිරීමත් සමඟම, කැපුම් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

මෙම ගැටුමට මුල් වූ තවත් (28) හැවිරිදි තරුණයකු තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි