(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
රටපුරා බොහෝ රෝහල්වල නිර්වින්දන ඖෂධ බරපතළ හිඟයක් පවතින හෙයින් ශල්‍යකර්ම නැවතී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 25 ) පැවසීය.
මෙය බරපතළ අවදානම් තත්වයක් බවද ඔහු කීවේය. විපක්ෂනායකවරයා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී මුලසුනේ අවසර ඇතුව ප්‍රකාශයක් කරමිනි.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද සඳහන් කළේය.
රටපුරා බොහෝ රෝහල් වල නිර්වින්දන ඖෂධ නැහැ.නුවරඑළිය රෝහල ඊට උදාහරණයක්.ශල්‍යකර්ම කරන්න විශාල පිරිසක් ඉන්නවා. ඒ අයට තව කාලය නැහැ. ශල්‍යකර්ම නතරවීම සම්බන්ධයෙන් රජය දෙන විසඳුම කුමක්ද.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd