(ඉන්දිකා රාමනායක)
කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි හෙට්ටිපොල පොලිසිය කියයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ මූනමල්දෙනිය ප්‍රදේශයේ පදිංචි (49)හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ යතුරුපැදියකින් නිවස බලා යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම වෙඩි තැබීම කුමක් අරමුණු කරගෙන සිදු කළේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd