
(නිමල් ජයරත්න)
සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය දෙවන වරටත් අද විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලං කාර නාහිමියෝ පැවසූහ.
1954 අවධියේ සිට පාලකයන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිබිල ගෙවීමකින් තොරව නිදහස් කර ඇති අතර මේ වසරේ දෙවැනි වරටත් මෙම විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් අලි, කොටි, ගහන වලසුන් මැද වැඩ වාසය කරන තම ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාගේ ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවද රාහුලාලංකාර නා හිමියන් වැඩිදුරටත් පෙන්වා දුන්හ.
රුපියල් ලක්ෂ 57 කට ආසන්න මුදලක් ගෙවීමට තිබෙන මෙම විදුලි බිල දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට කිසිසේත්ම ගෙවීමට තරම් ආධාර, මුදල්, නොලැබෙන බවත්, වෙනත් විහාරස්ථානවලට මෙන් තම විහාරස්ථානවලට ආධාර පරිත්‍යාග නොලැබෙන බවත් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන පෙර පාලකයන් මෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය විදුලි බිල නිදහස් කර දෙන ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් මෙන්ම විදුලි බල අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළහ,
විදුලි ගාස්තු වැඩිවීමට පෙර දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට මාසික විදුලි බිල ලක්ෂයක පමණ මුදලක්, පැමිණියද විදුලි ගාස්තු වැඩිමත් සමග මාසිකව රුපියල් ලක්ෂ හතර හමාරක, පහක විදුලි බිලක් ලැබීම දරා ගැනීමට නොහැකි බවත් එම බිල මාසිකව ආරණ්‍ය සේනාසනයට නොලැබෙන බවද රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතහැරීම නිවනට උපකාර වේ
අනෙක් ආගමික ආයතනවලට මේ විදුලි බිල් ගැටලුව නැත්තේ ඇයි...? ඒ අය දන්නවා අනුන්ගෙන් හිඟා නොකා තමන්ගේ විදුලි බිල කළමනාකරණය කර ගන්න. ආගමික ආයතන සංකල්පයෙන් බැහැරව, අනාත ළමා නිවාස, මහලු නිවාස වැනි සමාජයට වැඩදායි කාර්යයන් ඔවුන් විසින් කලත් මෙහෙම ලජ්ජා නැතිව හිඟා කනවා නම් අපි දැකලා නැහැ. සමහරවිට ලෝකෙට ප්‍රදර්ශනය නොකලාට ඒ ආගමිකයින් ඔවුන්ගේ ආගමික ආයතන වලට උපකාර කරනවා ඇති... තක්කඩි පුජකයින් තිරිහන් කරනවා වෙනුවට, මෙවැනි සාමනේර හිමියන් වැඩ වසන ආරාම වලට උදව් උපකාර කරපල්ලා බෞද්ධයිනේ.. කටින් නම් පින්වන්තයෝ... පොකට් එකෙන් ගානක් යද්දී ඇඟේන් ඇටයක් දෙනවා වගේ තන්හාවෙන් පිරිලා... අත්හැරීම ගැන කයිවාරු ගසමින්, බහිරවයෝ වෙලා හෝ මේ මහපොළොව බදාගෙන මතු ආත්මවල උපදින්නමයි පතන්නේ...
මේ පාලකයාට පාපයේ තරම තම පියාගෙන්ම බලා ගන්න පුළුවන් ඒත් තව තවත් මේ ඇමැතියා කර ගන්නේ පාපමයි. පව් පිං හඳුනන්නේ නැති හැටියක්
ලොක්කාටම හරියන වධකයෙක්
මෙන්න පෘතුගීසි අල්මේදා... බෝර්න් අගේන් වංශයෙන්
දේශපාලකයෝ විදුලිබිල ගෙවල නැත්නම්, ඒ අයගෙත් විදුලිය විසන්ධි කරනවද?
බුදුදහම ලංකාවෙන් ඉවත් කිරීමේ පිලිවෙතට වත්මන් පාලනය මුල පුරලා
තම දුරධාන්ත පියාට වැඩිය විශාල වන්දියක් මේ කාලකන්නි පුතාට ළඟදීම ගෙවන්න ලැබෙයි .එතෙක් ඔහුගේ පුහු මානය උදම්මාගෙන සිටියදෙන්
මේ යනවිධිහට ගිහියන්ට වෙන්නෙ දුක් මහන්සි වෙලා හම්බුකරන සේසතම පන්සල්වල කරන්ට් බිල ගෙවන්න දෙන්නයි
කර්මය පලදෙනවිට සියල්ල සිදුවී හමාරවෙයි
මහමෙව්නා, උමන්දා වගේ සල්ලි හම්බ කරන තෙරුන් ඉන්න පන්සල් නරකද මේ ලයිට් බිල ගෙව්වා නම්. අඩු වශයෙන් පිනක් වත් කර ගන්න පුළුවන් නේ.
කරන්ට් බිල ගෙවන්නෙ නැතුව ඉන්න ඔබවහන්සේ නාමල් රාජපක්ෂ නෙමේනෙ.
ශ්‍රියාල්, ඒ වුණාට විදුලිය කොහොමද අතහරින්නේ?
රුපියල් ලක්ෂ හතර හමාරක, පහක විදුලි බිලක් එනවා කියන්නේ කොච්චර විදුලි පරිභෝජනයක්ද/නාස්තියක් ද ? දවාලටත් ලයිට් දාගෙනද කොහෙද ඉන්නේ. රටේ තත්වය (ඉඩෝරය, ආර්ථික අර්බුධය ) තේරෙන්නේ නැද්ද?
රට හොරා කෑ දේශපාළු හැතිකරයේ අයගේ නොගෙවූ විදුලි බිල් තිබෙන බවට නිරතුරු පුවත් මැවෙනවා.ඒත්, ඒ දේශපාලුවන් ඒවා ගෙවූ බවක් දැනගන්නට නැහැ.ඒ වගේම නූගත් මදාවි නොහික්මුණු පුතුන්ට රොකට් යැවීමට රටේ මුදල් ඩොලර් මිලියන ගණන් නැති නාස්ති කළ බවට පුවත් මැවුණා.ඒ නාස්තිකාරවියදම් කරන අය ගැන,රටේ දේ හොරාකන අය ගැන වගේ වගක් නෑ. දහම වෙනුවෙන් දිවි පිදූ භික්ෂූන් වහන්සේ වෙනුවෙන් විදුලි බලය ලබාදෙන්න බැහැ.
ගෙවන්න බැරිනම් වෙන ක්‍රමයට දාන්න. මේක කියකිය ඉන්න ඕන නෑනේ... පාවිච්චි කරා නම් ගෙවන්න වෙනවාමයි. හැමෝටම සාධාරණයි... පන්සල්, පල්ලි, කෝවිල් කියලා නෑ.
අතහැරීම වෙනයි. ජීවිත අවදානම වෙනයි.
විදුලිය කැපිම වරදක්, විදුලි බිල නොගෙවා සිටීම ඊටත් වඩා වරදක්, විදුලි බිල් නොගෙව ඉන්න අවස්තාව දුන්නම අනිවාර්යෙන්ම අරපරිස්සමෙන් තොරව විදුලිය පාවිච්චි කරවා, ඒ නිසා අඩුඅදායම් ලබන අගමික විහාර වලට විතරක් සහන මිලකට විදුලිය දෙන්න වැඩපිලිවෙලක් යෙදිය යුතුය.
මහ රහතුන් බහුලකොට වැඩ සිටි දිනයෙත් විදුලිබලය තිබුනද? සුඛ දුක්ක නිස්සාරනයට කොහොම්ද විදුලිබලය උපකාර වෙන්නෙ?
උදේ පහට හවස පහට පිරිත් පුදුම කරදරයක් ලමඉන්ට පාඩම් කරන්න නැහැ ලෙඩ්ඩුන්ට විවෙකිව ඉන්න පිරිත්වලින් සහ පන්සල් වලින් වෙන සෙවයක් නැහැ
මම හිතන්නේ සජිත් බිල ගෙවයි කියලා.
කාලකණ්ණි ආණ්ඩුවක්... ලොක්කා අදටත් උතුර, දකුණ මාරුවෙලාදවත් නොදැන එකතුවෙනවා. එයාගේ පාරේම ඇමැති පුතාත් යන්නේ. මේ පන්සල අති දුෂ්කර තැනක්... අස්ගිරි, මල්වතු, අනුරාධපුරයට ලැබෙන ආධාර මෙතෙන්ට ලැබෙන්නේ නැහැ. බහුතරයක් ඉන්නේ ආදිවාසී දරුවන් පැවැදි වෙලා...
පිං කැමැත්තෝ සෝලා විදුලි පද්ධතියක් සවිකිරීමට දායක වෙනු මැනව. අරමුදලක් පිහිටුවන්නේ නම් පළමු දායක මුදල මගෙන්...
සමහරක්ගේ අදහස් දැක්කම හිතෙනවා හැම ගැටළුවකටම දේශපාලනය ගාවාගෙන ඇමැතිටයි, ජනාධිපතිටයි දොස් නගමින් පෞද්ගලික ගැටළු දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරන බව... මේ නොමනා, විදුලිපරිහරණයේ වගකීම් දරන්න ඕනා අදාළ ඇමැතිද...? එහෙම නැත්නම් රජයද..? ඔය කවුරු වගකීම දැරුවත් අවසානයේ මේ විදුලිබිල් මහජනතාවගේ කරපිටටම වැටෙන බව ලංකාවේ අම්බරුවන්ට නොතේරෙන්නේ ඇයි...? රජයට කිසිම සම්බන්ධයක් නොමැති ආගමික ස්ථාන වලට විදුලි බිල් සහන ලබා දිය යුතුද...? ආගම දහම විකුණගෙන කමින් ජීවිත සුඛවිහරණයේ යෙදෙන පූජකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, මේ රටේ මහජනතාවට පව් නොදී, ඒ ආගමික ආයතනවලට සම්බන්ධ දායකයින්ගෙන් හා බැතිමතුන්ගෙන් ඒ ආගමික ස්ථාන වල නඩත්තුව හා විදුලි බිල පිරිමසා ගන්නා ලෙසයි.. නැත්නම් මේක මහා කරුමයක්...!