( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති සහ පත්තඩුවන භික්ෂු පුහුණු ආයතනාධිපති අපවත්වී වදලා නැදගමුවේ විජය මෛත්‍රී රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉරිදා (27) සවස මිනුවන්ගොඩ ජාපාලවත්ත කනිෂ්ඨ විදුහල් ක්‍රීඩාංනගරයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ආදාහන කමිටුව කියයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙහි ශල්‍යකර්මයකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටියදී 23 වෙනිදින අපවත්වූ අතර දේහය ගම්පහ, ඉදිගොල්ල විද්‍යාවංශ පිරිවෙන් විහාරස්ථානයේ තැන්පත් කොටඇති අතර අද සවස මිනුවන්ගොඩ , පත්තඩුවන භික්ෂූ පුහුණු ආයතනය වෙත වැඩමවීමට නියමිතය.