
හේමලතා ඩී හේවගේ
කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ මාකඳුර 31 කණුව ආසන්නයේ මාර්ග රක්ෂිතයේ වගාකර තිබූ කුඹුක් ගස් රැසක් අද 24 දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් විනාශවී ඇති බව පන්නල පොලීසිය කියයි.
ප්‍රධාන මාර්ගයට ආසන්නයේ ඇති කුඹුරු යායට තබන ලද ගින්නක් පැතිරිම නිසා මෙම කුඹුක්ගස්ද එම ගින්නට හසුවන්නට ඇති බවද පොලීසිය සැක පහලකරයි.
මෙම ගිනිගැනිමේ සිද්ධිය සැලවීමත් සමග එම ස්ථානයට පැමිණි පන්නල ප්‍රාදේශීය ලේකම් නීතිඥ සමන්ත වික්‍රමත්න බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ මෙම කුඹුක් රක්ෂිතයේ ගස් 175 කට ආසන්න සංඛ්‍යාක් තිබූ අතර මීට පෙරද අවස්ථා දෙකකදී ගින්නට හසුවීම නිසා ගස් රැසක් විනාශවී ගිය බවත් මිනිසුන්ගේ නොසැලකිළිමත් කම නිසා අපගේ පරිසර පද්ධතියට විශාල හානි සිදුවන බවත්ය.
කුඹුක් ගස් 25 කට ආසන්න සංඛ්‍යාවක් ගින්නෙන් විනාශවී ඇති බවත් මෙම ගිණිතැබීමට සම්බන්ධ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන දැඩිව නීතිය ක්‍රියාත්මක කල යුතු බව ප්‍රාදේශීය ලේකම්වරයා මෙහිදී පොලීසියට පැවසීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාකඳුරේ කුඹුක් රක්ෂිතයක් ගින්නෙන් වැනසේ