
(යොහාන් භාසුර)
හම්බන්තොට, මාතර සහ රත්නපුර යන දිස්ත්‍රිකක්වල ප්‍රදේශ රැසකට ඊයේ (23) රාත්‍රී විදුලිය බිඳ වැටටීම හේතුව සමනලවැව සහ ලක්‍ෂපාන යන ජලාශවලින් ජනනය කරන විදුලිය ප්‍රමාණය අවමවීම බවත් දකුණ පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ විදුලි ඉල්ලුම සම්පූර්ණය කිරීමට වෙනත් ජලාශවලින් විදුලිය ගෙඒමේදී සම්ප්‍රේෂණ බිඳවැටුණු බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සමනලවැව සහ ලක්‍ෂපාන යන ජලාශවලින් විදුලිය සැපයුම දකුණු පළාතට සහ රත්නපුර දිස්ත්‍රික්කයට කෙළින්ම සම්බන්ධකර ඇති බව කී එම උසස් නිලධාරියා මහවැලි ජලාශයකින් හෝ වෙනත් ස්ථානයකින් විදුලිය සැපයීමේදී මෙවැනි බිඳවැටීම් වන බව ද සඳහන් කළේය.
පොල්පිටිය සිට හම්බන්තොට කිලෝවෝල්ට් 220 සම්ප්‍රේෂණ මාර්ගය සම්බන්ධ කිරීමත් සමඟ ජල විදුලිය අවම වූ විට පිට පළාතකින් පහසුවෙන් ගෙන ඒමේ අවස්ථාව ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. හම්බන්තොට, මාතර, ඇඹිලිපිටිය සහ බෙලිඅත්ත යන ප්‍රදේශවලට ඊයේ (23) විදුලිය බිඳ වැටුණි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලිය බිඳ වැටුණේ ජල විදුලිය නැති වීමෙන්