
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සරුංගල් යවමින් සිටි කුඩා දරුවකුට නාඳුනන පුද්ගලයකු ලබා දුන් බව කියන අයිස් බීම පැකට්ටුවක් පානය කිරීමෙන් අනතුරුව රෝගාතුර වු බව කියන එම දරුවා හොරණ රෝහලට ඇතුළති කර ඇත.
12 හැවිරිදි මෙම දරුවා හොරණ වැරැල්ලහේන ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ වෙල් යායක සරුංගල් යවමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයකු එම දරුවාට විවෘත කරන ලද අයිස් බීම පැකට්ටුවක් ලබාදී ඇතැයි පොලිසිය කියයි.
දරුවා එය ලබා ගැනීමක් ප්‍රතික්ෂේප කර ඇති අතර එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයා බලහත්කාරයෙන් දරුවා වෙත එය ලබාදී ඇති අතර ඒ වන විට එම අයිස් බීම පැකට්ටුව විවෘත කර තිබි ඇතැයි ද දැනගන්නට ඇත.
එය පානය කිරීමෙන් අනතුරුව දරුවා කලාන්ත ගතියට පත්ව ඇතැයි ද පැවසේ.
රෝගාතුර වූ එම දරුවා මේ වන විට හොරණ මූලික රෝහලේ වාට්ටු අංක හයේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
එම දරුවන්ගෙන් දරුවා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සරුංගල් යැවූ දරුවකුට විසක් දීලා?
Bunny Preena Friday, 25 August 2023 09:52 AM
ෂිශ්ට සමාජය කිසිසෙත් අනුමත නොකරන පිලිකුලෙන් හෙලා දැකිය යුතු ක්‍රියාවක්. පාඩුවෙ සරුන්ගලය යවමින් සතුටින් සිටිය දරුවෙක්. ඒරුවා සමග දැඩි වයිරයකින් පෙලෙන කෙනෙකු මොහු ලවා එම නීච ක්‍රියාව කර අති බව මට හැගේ. පොලිසිය හොන්දින් සොයා බලා ඔහුට නිසි දඩුවම් ලබා දිය යුතුයි.