(යොහාන් භාසුර)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය වාර අවලංගු කිරීම සහ දුම්රිය ප්‍රමාද වීම නිසා කාර්යාල සේවක සේවිකාවෝ ඇතුළු මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.
පානදුර සහ මොරටුව යන දුම්රිය ස්ථානවලින් ආරම්භ කරන දුම්රිය වාර කීපයක් අවලංගු කිරීමෙන් ජනතාවට දැඩි තදබදයකින් කොළඹට ළගාවීමට සිදුවූ අතර එම දුම්රිය ද ප්‍රමාද වීමෙන් ජනතාව තව දුරටත් අපහසුතාවට පත්වූහ.
මෙම තත්වය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ විමසුමකදී උසස් නිලධාරියෙක් පැවසුවේ දුම්රිය විදුලි කාර්මික ශිල්පීන්ගේ වර්ජනය සහ සංඥාා දෝෂයක් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයට සහ අවලංගු කිරීමට හේතු වූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd