ඉන්දීය ධීවරයන් 15 ක් සමඟ යාත්‍රා 2 ක් භාරයට මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් 15 ක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය. 09 July 2023
‘සෙස් බද්ද’ට නව ගැසට්ටුවක් තේ අපනයනයේදී අය කරන ‘සෙස් බද්ද’ තේ කිලෝග්‍රෑම් 100 කට රුපියල් 400 ක් ලෙස සටහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.් 09 July 2023
රිය අනතුරින් බස් නැවතුමේ සිටි දරුවන් 5ක් රෝහලේ කලවාන රත්නපුර මාර්ගයේ අද (09) හගරංගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් දරුවන් පස් දෙනෙකු තුවාල ලබා කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති බව කලවාන පොලිසිය පැවසීය . 09 July 2023
‘‘පොලිස්පතිට සුදුස්සකු සොයා ගන්න නෑ‘‘ රටේ විනය කොච්චර පිරිහිලාද කියනවා නම් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයාගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 09 July 2023
ජනපති මැඳුරෙන් සොරාගත් බඩු නැවත දෙන්න දිනයක් ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමින් යුතු නිල ලාංඡන (Coats of Arms) යම් පුද්ගලයකු සතුව පවතින්නේ නම් මෙම ජූලි 31 දිනට පෙර ඒවා ජනාධිපති කාර්යාලය වෙත බාරදෙන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලා සිටී. 09 July 2023
පළාත් පාලන ආයතන වල අනුමැතිය නොගෙන ව්‍යාපෘති ඇරැඹුම නවත්වයි නාගරික සංවර්ධන අධිකාරිය විසින් පළාත් පාලන ආයතන වල අනුමැතිය නොගෙන ආරම්භ කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලා සති දෙකක් ඇතුලතදී වාර්තාවක් දෙන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ උපදේශක කාරක සභාවේදී නිලධාරින්ට උපදෙස් දුන්නේය. 09 July 2023
කම්බා හොරෙක් බෙම්මුල්ලෙන් අල්ලයි දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හිදී ගෙවල් බිදුම් දිචු කළ 12 වතාවක් වරෙන්තු ලබා ඇති කොල්ලකරුවකු අත් අඩංගුවට ගත් බව බෙම්මුල්ල පොලීසිය සඳහන් කරයි. 09 July 2023
පී.එච්.අයි ගේ රාජකාරියට බාධා කළ කත අත්අඩංගුවට හෝමාගම පිටිපන පාසල හන්දිය ප්‍රදේශයේ වෙළදසැලක් පරීක්ෂා කිරීමට ගිය හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට අනුයුක්ත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ට බැන තර්ජනය කර රාජකාරියට බාධා සිදු කිරීමේ චෝදනා මත අදාල වෙළදසැලෙහි හිමිකාර කාන්තාව අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 09 July 2023
ලක්ෂ 80 ක මස් සමග දෙදනකු පොලිස් දැලේ බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ අසු අටක් වටිනා ගවමස් හා එළුමස් කිලෝ 2,800.00 ක් ශීතකරණයක් සහිත ලොරි රථයකින් ගලෙන්බිදුණුවැව සිට නුගේගොඩ දනක්වා ප්‍රවාහනය කරමින් සිටියදි සැකකරුවන් දෙදෙනෙකු සමග පුල්ලේයාර් හන්දිය අසලදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 09 July 2023
වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමේ බලය මැතිසබයට ? පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැණවීම වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇත. 09 July 2023
මත්තලින් වාර්තා ගත ලෙස අලාභයක් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉකුත් වර්ෂයේ දි (2022) මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2,033ක් වු අතර එය මෙහෙයුම් අදායමට වඩා විසිහය ගුණයක් බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 09 July 2023
එන්ගලන්තයේ සිට ඇවිත් යාපනයෙන් අවසන් ගමන් යයි යාපනය ,වඩමාරච්චි නැගෙනහිර මුහුදේ දියනාමින් සිටි වයස අවුරුදු හයක දරුවකු මුහුදේ ගිලී මියගොස් ඇතැයි මරදන්කේණි පොලිසිය කියයි. 09 July 2023
අපේක්ෂා රෝහලේ මුළුතැන්ගෙයි බඩු සොරාගත් 2ක් මාට්ටු මහරගම අපේක්ෂා රෝහලේ නේවාසික රෝගීන්ගේ ආහාරපාන සැකසීම සඳහා මුළුතැන්ගෙයි ගබඩා කර තිබූ වියළි ආහාර ද්‍රව්‍ය සොරා ගැනීමට පුරුදුව සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි . 09 July 2023
පකිස්තාන ක්‍රිකට් පිල ශ්‍රීලංකාවට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකින් යුතු තරගාවලියක් සදහා අද (09 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණියහ . 09 July 2023
මඟුල්ගෙදර ගමන නතර වූ සිසුවිය අවසන් ගමන් ගිහින් මව විසින් මගුල් ගෙදර ගමන නැවැත් වූ 13 හැවිරිදි මු සිසුවියකගේ සිරුර නාන කාමයේ එල්ලෙමින් තිබියදී සොයා ගෙන ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 09 July 2023
වැස්ස සිහින් වේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 July 2023
නව ගුවන් හමුදාපතිට ආදි ආනන්දීගෙන් උපහාර කොළඔ ආනන්ද විද්‍යාලයෙන් බිහිවු පළමු ගුවන් හමුදාපතිවරයා වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතාට උපහාර දැක්විමේ උළෙලක් පැවැත්වීය. 08 July 2023
බඩුමිල ඉහළයි ජනතාව අමාරුවේ වෙළෙඳපොළේ මස්,මාළු,එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 08 July 2023
බදු අභියාචනා කොමිසම ඈවරයි:කෝටි එකොළොස් දාහක් වතුරේ බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක පවතින හෙයින් බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. 08 July 2023
මෝටර් රථය දුම්රියේ ගැටෙයි:ජීවිත තුනක් නූලෙන් බේරෙයි වාද්දුව පොහද්දරමුල්ල ප්‍රදේශයේදි අනාරක්ෂිත හරස් මාර්ගයක් හරහා ගමගත් මෝටර් රථයක් මන්දගාමී දුම්රියක ගැටී ඇති බව වාද්දුව පොලිසිය පවසයි. 08 July 2023
කවුරුද මේ තිරිසනා අවුරුදු දෙකක පමණ පිරිමි දරුවකු එක්තරා පුද්ගලයකු විසින් ජල බේසමක ගිල්ලවා දස වද දෙහින් ඝාතනය කිරීමට උත්සාහ ගන්නවා වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරි සරමින් පවති. 08 July 2023
ශ්‍රමනවේශධාරියකු, කතුන් දෙදෙනකු නිරුවත් කළ අටක් රිමාන්ඩ් නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී ශ්‍රමණවේශධාරියකු, තරුණියක සහ මවක නිරුවත් කර පහර දීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අට දෙනා ලබන 12 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද (08) දින නියෝග කළේය. 08 July 2023
දෙහිවල - ගල්කිස්ස හිටපු නගරාධිපතිට අධිකරණයෙන් අවවාද දෙහිවල ගල්කිස්ස මහ නගර සභා කොමසාරිස්වරයා ගමන් ගත් නිල රථය අවහිරය කර බැන තර්ජනය කර රාජකාරියට බලහත්කාරය පෑම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය අද (8) නියෝග කළාය. 08 July 2023
හොර සල්ලි සමග පාසල් සිසුවෙක්, තරුණයෙක් මාට්ටු ව්‍යාජ මුදල් නෝට්ටු තිස් හතරක් සමග පාසල් සිසුවකු සහ තරුණයකු මන්නාරම, මුත්තූර් හන්දියේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 08 July 2023
සෙල්ලමට ගැසූ යකඩ කූර ඇනී දරුවෙක් මරුට එකට සෙල්ලම් කරමින් සිටි දැරියක දමා ගැසූ යකඩ කුරක් ඇනුනු දරුවකු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි කටාන පොලිසිය පවසයි. 08 July 2023
දුම්රිය පොළේ නින්ද ගිය එස්.අයිට සුද්දයක් දීලා දුම්රියක් පැමිණෙන තෙක් රත්මලාන දුම්රිය ස්ථානයේ පුටුවක වාඩිවී සිටියදී නින්ද ගිය අතරවාරයේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගමන් බෑගයේ තිබූ නවීන පන්නයේ ජංගම දුරකථනයක්, රත්තරන් මුද්දක්, ගෙල පැලැඳ සිටි පවුම් හයක් බර සුරය සහිත රන් මාලයක් සහ රුපියල් 2000 සහිත පසුම්බිය කොල්ලකා ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි. 08 July 2023
පළමු මාස හයට රට විරුවෝ ඩොලර් මිලියන 2822ක් එවති විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 75.3 ක වර්ධනයක් බවද එම වාර්තාවේ සඳහන් වේ. 08 July 2023
කතුන් දෙකක් නිරුවත් කළ අටක් මාට්ටු නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවසක් තුළදී චීවරධාරියකුට තරුණියකට සහ කාන්තාවකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් අට දෙනකු අද (08) දින අත් අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. 08 July 2023
පොහොට්ටු මන්ත්‍රීන්ගේ පවුල්වලට රජ සැලකිලි ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. 08 July 2023
කාන්තාවන් දෙදෙනකු නිරුවත් කළ අය වහා අල්ලනු භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනකු නිරුවත් කර පහරදුන් පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 08 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026