
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (25) එහි තවත් සේවකයකුගේ වැඩ තහනම් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසෙයි.
පාර්ලිමේන්තු මහලේකම් නීතීඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් මෙසේ වැඩ තහනම් කරනු ලැබූවේ එම දෙපාර්තමේන්තුවේ ගෘහපාලන සහයකයකුගේය.
මෙම සේවකයා ලිංගික හිංසා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නිලධාරියකුට සහායදී ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවීමෙන් පසු පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මෙම පියවර ගෙන ඇත.
ලිංගික හිංසන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ සහකාර ගෘහ පාලකවරයා මීට පෙර වැඩ තහනම් කරනු ලැබීය.
පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ නියමයෙන් නිලධාරිනියන් තිදෙනකුගේ ප්‍රධානත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් මෙම සිද්ධිය පිළිබඳව විමර්ශන පවත්වන අතර එහි වාර්තාව තව නොබෝ දිනකින් මහ ලේකම්වරියට බාරදීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා බදුමුදලින් පාර්ලිමේන්තුවේ රාජ්‍ය සේවකයින් බදු ගසා මාට්ටු වැඩත් තහනම්...!!
දීර්ඝ කාලයක් තිස්සේ සිදුවුණු දෙයක් නම් එය මීට පෙර හිටපු මහලේකම් කාලයේත් සිදුවී තිබෙන දෙයක් ලෙසයි මට සිතෙන්නේ. මෙම කරුණ සම්බන්ධයෙන් ඔහු දැනුවත්ව සිටියිද? නැතිද? පීඩාවට පත් කාන්තාවන්ට හිටපු මහලේකම් ගැන විශ්වාසයක් නොතිබුණු නිසා පැමිණිලි නොකලාවත්ද? උභතෝකෝටික ප්‍රශ්නයක්...