පොල් ගෙඩිය යට ගැහිලි ගැන කෝප් කමිටුවෙන් අනාවරණයක් පොල් වගා කිරීමේ මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට කොටසක් එක් කිරීමේදී රුපියල් දෙකෝටි දස ලක්ෂයක පාඩුවක් සිදුවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභා ( කෝප් ) රැස්වීමේදී තොරතුරු අනාවරණයවිය. 11 July 2023
කළුගඟට මළ අපද්‍රව්‍ය දැමු දෙදෙනාට වැඩ වරදී ‘අත්‍යාවශ්‍ය සේවා’’ යනුවෙන් පුවරුවක් බවුසරයේ ඉදිරිපස ප්‍රදර්ශනය කර මළ අපද්‍රව්‍ය කළු ගඟට බැහැර කිරීමට පැමිණි බවුසර රියදුරා සහ සහායකයා අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. 11 July 2023
මව් කිරි නැතිව අලිපැටියා අවසන් ගමන් යයි නිසි ලෙස මව් කිරි නොලැබිමේන් රැලෙන් ඈත්වි තෘණ පමණක් ආහාරයට ගෙන මන්දපෝෂණ තත්වයෙන් පසුවු අවුරුදු දෙකක පමණ කුඩා අලි පැටවකු නවගත්තේගම කුරුකැටියාව වෙල්යායෙ ප්‍රතිකාර ලබමින් සිටියදි මරණයට පත්වු බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතා පැවසයි. 11 July 2023
කුලප්පු වූ මීහරක්, දරුවන් 5ක් රෝහලට යවති හල්දුම්මුල්ල බත්ගොඩ දී අද (11 ) අලුයම පාසල් එමින් සිටී දරුවන් පස් දෙනකු පසුපස මීහරක් රංචුවක් පැන්නීමෙන් තුවාල ලැබූ දරුවන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 11 July 2023
මෙම වසරේ සීනි කන්න විශාල වැයක් මෙම වසරේ (2023) මැයි මස අවසන් වන විට මෙරටට සීනි සහ රසකැවිලි ආනයනය සඳහා ඩොලර් මිලියන 220.5 ක් වැයකර ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස පහ සමඟ සංසන්දය කිරීමේදී සියයට 123 කට අධික වැය ඉහළ යෑමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 11 July 2023
කුවේටයෙන් පිටුවහල් කළ 46ක් දිවයිනට කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් , එරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනකු , අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි . 11 July 2023
තෙල්වලින් මාස 4 කදී කෝටි 4,340 ක ලාභයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම වසරේ (2023) පළමු මාස හතරේදී රුපියල් බිලියන 43.4 ක් හෙවත් රුපියල් කෝටි 4,340 ක ලාභයක් ලැබූ බව මුදල් අමාත්‍යංශය මෙම වසර මධ්‍යයේ නිකුත් කළ රාජ්‍ය මූල්‍ය තත්ව වාර්තාවේ සඳහන් වේ. 11 July 2023
කෝටි දෙකක රන් ගුවන්තොටෙන් අල්ලයි ව්‍යාපාරිකයන් දෙදෙනකු රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ . 11 July 2023
වටිනා රන්කාසිය ඉස්සූ තුනක් සැකපිට එළිසබත් රැජිනගේ රූපය අඩංගු කර තනන ලද ලක්ෂ 66 අධික වටිනා ඕස්ට්‍රේලියානු ඩොලර් 1000 රන් කාසියක් බණ්ඩාරගම වැල්මිල්ල හඳුන්වැන්න ප්‍රදේශයේ නිවසකින් සොරාගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි. 11 July 2023
නොම්බර එක දුම්රිය ස්ථානයට ගල් ප්‍රහාරයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වාද්දුව කළුතර උතුර දුම්රිය ස්ථානා අතර පිහිටා ඇති නොම්මර එක දුම්රිය ස්ථානයට කිසියම් පුද්ගලයකු ප්‍රහාරයක් එල්ල කර තිබේ. 10 July 2023
මහනුවර වකුගඩු රෝගීන් හතක් මාස දෙකට මැරිලා මහනුවර ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබමින් පරිතාන කාන්දු කරණ ප්‍රතිකාර සඳහා යොමු වී සිටි රෝගීන් හත් දෙනකු මාස දෙකක් වැනි කෙටි කාලයකදී මියගොස් ඇති අතර ඊට හේතුව එම උපකරණවල ඇති වී තිබෙන දෝෂයක් දැයි රෝහල් බලධාරීහු සැක පළකරති. 10 July 2023
දරුඵල ගන්න දේවාලයෙන් දුන් බෙහෙත් ගත් තරුණියක් මරුට දරුපල ප්‍රමාදවීම හේතුවෙන් අත්බෙහෙතක් පානය කළ තරුණ කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 10 July 2023
දාරළුවේ පඬුකරඳ ගහ ඉවත් කරලා පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ , දාරළුව ප්‍රදේශයේ තිබූ ’’ පඬු කරද ’’ ගස අද (10) සවස කපා ඉවත් කොට ඇති බව දාරළුව ප්‍රදේශවාසීහු පවසති. 10 July 2023
සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කරන්න විනය විරෝධී ක්‍රියාවල යෙදෙන භික්ෂූන්ට එරෙහිව පියවර ගැනීමට සංඝාධිකරණ පනත් කෙටුම්පත වහාම බලාත්මක කළ යුතු බවත් එවැනි සිද්ධීන් යොදාගනිමින් බුද්ධ ශාසනයට එරහෙිව කටයුතු කණ්ඩායම්වලට එරෙහිව පියවර ගතයුතු බවත් මහා සංඝරත්න පවසති. 10 July 2023
උසස් පෙළ ප්‍රතිඵල ලබන මාසේ මැද විවිධ හේතුන් මත නවතා දැමුණ ’’සුරක්ෂා’’ සිසු රක්ෂණ ක්‍රමය 2024 වසරේ සිට යළිත් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 10 July 2023
මීසම් පාලක 15 දරුවාට කැත වැඩක් කරලා අවුරුදු පහළොවක් පමණ වයස පාසල් සිසුවකු වසරකට ආසන්න කාලයක් තිස්සේ සිට වරින් වර බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන මාරවිල පොලිස් වසමේ පිහිටි කතෝලික දේවස්ථානයක මිසම භාර පියතුමකු අත්අඩංගුවට ගැනීමට මාරවිල මූලස්ථාන පොලිසිය පුහු පරීක්ෂණ පවත්වාගෙන යයි. 10 July 2023
තැන් තුනකදී පොලිස් අන නොතැකූ ඩිපෙන්ඩර් තරුණිය පන්නා අල්ලයි කොළඹ නගරයේ ස්ථාන තුනකදී නවත්වන ලෙස පොලිසිය කළ අණට අකීකරුව ඩිපෙන්ඩර් රථයක් පැදවූ තරුණියක සහ එහි ගමන් කළ තවත් තරුණියන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. 10 July 2023
ලංගම දුර බස් කාලසටහන අන්තර් ජාලයට ලංකා ගමනා ගමන මණ්ඩලයේ දුර සේවා බස් රථ කාලසටහන් පළමු වරට අන්තර්ජාලයට ඇතුළත් කිරීම අද (10) ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. 10 July 2023
ශ්‍රී ලංකාව - ඉරානය අතර නව ආගමික සහයෝගීතාවක් ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සංස්කෘතික, ආගමික, විද්‍යාත්මක සහ කාර්මික සහවයෝගීතාව වැඩිදියුණු කරගැනීම සඳහා වැඩසටහන් රැසක් ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාතය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 10 July 2023
වජිර සී.අයි.ඩී යයි මැද පෙරදිග ගෘහ සේවිකාවක ලෙස සේවය කොට ඉපැයූ මුදලින් පෞද්ගලික පරිහරණයට කාන්තාවක ගෙනා රන් භාණ්ඩ කිහිපයක් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කිරීමේ සිද්ධියක් පදනම් කර ගනිමින් සමාජ මාධ්‍යයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම ගැන කඩිනම් පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. 10 July 2023
මුදල් හුවමාරු සමාගම් 15ක් තහනම් කරයි ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් හුවමාරු සමාගම් 15ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කර තිබේ. මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසි උල්ලංඝනය කිරීම නිසා එම සමාගම්වල බලපත්‍ර අලුතින් ලබා නොදීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත. 10 July 2023
දරුවකු බේසමක ගිල්වීමේ සිද්ධිය ගැන ළමා අධිකාරියෙන් විමර්ශනයක් සමාජ මාධ්‍යයන්හි මේ දිනවල සංසරණය වන කුඩා දරුවකු වතුර බේසමකට ගිල්වා පහරදීමේ දර්ශනවලට අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය. 10 July 2023
මැණිකේ සහ ටිකිරා එළවළු කූඩෙට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ටිකිරා ( GKEB 2) සහ මැණිකේ (GKEB 1) නමින් නව එළ බටු වර්ග දෙකක් හඳුන්වා දී තිබේ. 10 July 2023
ඉදිකිරීම් ආයතනයෙන් ඉවත් කිරීම ගැන සේවකයන් විරෝධයේ කොළඹ පිහිටි ඉදිකිරීම් ආයතනයක සේවකයන් 55 ක් සේවයෙන් ඉවත් කිරීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ දෙමටගොඩ පාලම අසල අද (10) විරෝධතාවක නිරත වූහ. 10 July 2023
බාර් එකකට කුට්ටිගලත් විරෝධයක් වෙලන්ගහවෙල ප්‍රදේශයේ ආරම්භකර ඇති බියර් මත්පැන් හල වහා එම ස්ථානයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා මහා සංඝරත්න ගම්වාසීහු පිරිසක් ඇඹිලිපිටිය නෝනාගම ප්‍රධාන මාර්ගයේ කුට්ටිගල වෙලංගහවෙල ප්‍රදේශයෙන් මාර්ගය හරස් කරමින් ව්රෝධතාවයක නිරත වූහ. 10 July 2023
රන් පවුමක් රුපියල් 3,000කින් ඉහළට ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 3,000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 10 July 2023
ඇමැති රට බීමහල වහයි වාරියපොල නගරයේ සුපිරි වෙළද සැලක් සඳහා අලුතින් ලබාදුන් රට බීමහලක බළපත්‍රයක් ගම්වාසීන්ගේ විරෝධය හේතුවෙන් තාවකාලිකව අවලංගු කිරීමට අද (10) අදාළ අංශ පියවර ගෙන ඇත. 10 July 2023
පොලිස්පති පත්නොකිරීම ඛේදජනක තත්ත්වයක් පොලිස්පතිවරයා විශ්‍රාම යන විට නව පොලිස්පතිවරයෙක් පත්කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බවත් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩි. වික්‍රමරත්න මහතාට සේවා දිගු දීම විකෘතියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය. 10 July 2023
ඩොලරය යළි ඉහළට ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද (10) සුළු වශයෙන් ඉහළ ගියේය. 10 July 2023
කොළඹ ජාතික රෝහලට පොලිස් මුරපොළක් ඉල්ලයි කොළඹ ජාතික රෝහල වටා මාර්ගවල අධික වාහන තදබදය සහ රෝහල තුළ සහ රෝහල අවට ක්‍රියාත්මක දූෂණ ක්‍රියා පාලනයට රෝහල තුළ පොලිස් ස්ථානයක් පිහිටුවන ලෙස එම රෝහලේ පරිපාලනය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. 10 July 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026