(සුජිත් හේවාජුලිගේ )
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලින් නිවාස නොලැබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 18 දෙනකුට රුපියල් එක්කෝටි දහසය ලක්ෂයක මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මන්ත්‍රීවරුන් දස දෙනෙකුට 2021 වර්ෂයේදී රුපියල් හැට හත් ලක්ෂ පනස් දහසක මුදලක්ද මන්ත්‍රීවරුන් 8 දෙනෙකුට පසුගිය වසරේදී රුපියල් හතළිස් අට ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක්ද මෙසේ ගෙවා තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ අනුව නිවාස නොලැබුණු මන්ත්‍රීවරයකු සඳහා මාසිකව ගෙවා ඇති මුදල රුපියල් 75000 කි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු නිලධාරියකු පැවසුවේ ඉඩකඩ ප්රශ්නය හේතුවෙන් එම මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස දීමට නොහැකිවූ බවයි.
මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද රැඳී සිටින බව වාර්තා වේ.
මේ අතර මාදිවෙල නිල නිවාසවල ජල විදුලි සහ දුරකතන බිල්පත් සඳහා තැන්පතු ලෙස අයකරනු ලබන රුපියල් 1000 ක මුදල කාලීනව සමාලෝචනය කර සංශෝධනය කිරීමට කටයුතු කර නොතිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.
තවද රජයේ බංගලා ලබාගත් අමාත්‍යවරුන් තිදෙනකු මේ වසරේ මැයි 16 වැනිදා වනවිටත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස ආපසු බාර දී නොතිබුණු බවද ජාතික විගණන කාර්යාලය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්දී තිබු නිල නිවාසය සඳහා ගෙවිය යුතු නිවාස කුලියවූ රුපියල් 27,000 කට වැඩි මුදලක් ඔහුගේ මන්ත්‍රී දීමනාවෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවද වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්බතාල ටික ඉන්නකන් මෙරටට අබ සරණයි , ඕකුන් වෙනුවෙන් වියදම් කරන්න පිනාගේ මුදල් අමතයන්ශයත් ඕනේ තරම් සල්ලි තියනව ,
මෙන්න සහොදර සහෝදරියනි මහජන සුබසිද්ධියයි සදහා කැපවුනායයි කියාගන්නා පිරිසගෙ කෙරුවාවල්. අපෙ රට දියුනුවෙයි නේද?
මුන්නම් රටට සාපයක්
රට කන්නේ මේ කාලකන්නි හැතිකරේ.
ඕකට හොදම පිලියම රට සූරාකන කාලකන්නි දේශපාලුවෝ දෙසියවිසිපහ එකසියවිසිපහට අඩුකරන්න. පලාබබාල නැතිකරන්න. පරණ ක්‍රමයට දිසාපති පාලනය අපට හොදයි.