(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර වෙරළ පාරේ පිහිටි දිසා විනිසුරුවරයකුගේ නිල නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු අද (28) උදෑසන වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එසේ මරුමුවට පත්ව තිබුණේ බන්දුල පුෂ්ප කුමාර (55) නැමැති පොලිස් සැරයන්වරයෙකි.

දිසා විනිසුරු නිවසේ රාත්‍රි රාජකාරියේ යෙදී සිට ඇති ඔහු උදෑසන රාජකාරි අවසන් වීමට පෙර මෙම සිද්ධියට මුහුණ පා තිබේ.

කෙසේ වෙතත් මෙය සිය දිවි හානි කර ගැනීමක් එසේත් නොමැති නම් වෙනත් අපරාධයක් ද යන්න සොයා බලන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.