( බී.ජී.චතුරංග)
රජරට විශ්ව විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය විශ්ව විද්‍යාල සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව මිහින්තලේ පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 125, ඒ කලාපය, කොක්කුවිල්, මඩකලපුව ලිපිනයේ පදිංචි මුරුගදාස් තිලක්ෂන් නැමැති 21 හැවිරිදි සිසුවෙකි.
රජරට විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන මෙම සිසුවා විශ්වවිද්‍යාලයේ තවත් සිසුන් පිරිසක් සමග ඊයේ (27) සවස 5ට පමණ විශ්වවිද්‍යාල භූමියේ පිහිනුම් තටාකයට දිය නෑම සදහා ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිය නාන්න යනවද පිහිනුම් තටාකවලට?