(යොහාන් භාසුර)
දිවයිනේ දිස්ත්‍රික්ක 9ක උණුසුම් දර්ශකය අද (28) මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මුලතිව්, වව්නියාව, ත්‍රිකුණාමලය, අනුරාධපුර, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර, බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය සෙල්සියස් අංශක 39 ත් 45ත් අතර පවතින බවත් මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකිතාක් සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම කළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අද සිට සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව කියන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරු 12.11ට යාපනයේ කොවිලන් තුඩුව සහ මල්ලාකම් ප්‍රදේශවලට හිරු මුදුන්ව බව ද සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd