(අංජුල මහික වීරරත්න)
නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී ඇත.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ඉඩම් අවිධිමත් ආකාරයෙන් ඉඩම් ලබාදී ඇති බවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධනය ව්‍යාපෘතිය සඳහා ලබාදී තිබූ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් වනජීවී දොර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස නැවත ගැසට් කර තිබෙන බවටද මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ.
ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 3065 ක භූමි ප්‍රදේශයක්ද ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මඟින් ඉඩම් අක්කර 265ක් දක්වා අඩු කර ලබාදීමට තීරණය කර තිබේ.
එමෙන්ම මඩකලපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්කය මායිම් වන මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 1985 වසරේ ගැසට් කළ අක්කර 45,000ක කොටස මේ වන විට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිතයක් බවට ගැසට් කර ඇත.
එම සංවර්ධන ව්‍යාපෘතියේ ඉඩම් රක්ෂිතයක් බවට පත් කළේ කුමන පදනමකින් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
එම ඉඩම් අක්කර 45,000ක කොටස රක්ෂිතයක් බවට පත් කරමින් ඉඩම් කොල්ලයක් සිදුව ඇතැයි මෙහිදී අදහස් මතු වී ඇත. ඒ අනුව 2019-2023 කාලසීමාවෙි නැගෙනහිර පළාතේ ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුලත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාව ආව පිලිගත්ත නිදොස් කොට නිදහස් අපි බදු ගෙවනව
අක්කර 45,000කට ශොට් එක දෙන්න යන්නේ. හිතුමතේට බෙදලා නෙමේ, හිතුමතේට බෙදන්න ප්ලෑන් කරන්න හදන්නේ කියල කිව්ව නම් තමයි හොඳ. අනිත් එක මඩු පල්ලියට අක්කර 5000ක් දෙන්න හොඳ නම් පන්සලට 3000 දෙන එකේ වරද්ද මොකද්ද. ඕවයින් නේද ආගමික ගැටුම් ඇති වෙන්නෙ එපාර. එහෙනං මඩු පල්ලියෙත් 300ක් විතර තියලා අනිත් ටික බෙදල දාන්න.
ලොක්ක හිතාගෙන ඉන්නෙ මිනිහ නත්තල් සීය කියල.. බටහිර සහ දකුණෙ ඉන්නෙ තමන්ගෙ පක්ෂය ම හැමදාම බඩ බැඳගෙන ඉන්න හාදයොනෙ.. කොහොම කළත්, මොනව කළත්, උන්ගෙ ඡන්ද ටික ලැබෙනව කියල මිනිහ දන්නව. හැබැයි උතුරටයි, නැගෙනහිරටයි දීලම තමයි ගන්ඩ වෙන්නෙ.. ඉතින් මිනිහ අත දිග ඇරල බෙදාගෙන යන්ඩයි හදන්නෙ.. අම්මගෙන් අප්පගෙන් හම්බුණ දේවල් නෙ.. කැලෑවක් පේන්ඩ බැරි එවුන්ට කොහොමත් වනජීවීන් කියන්නෙ වහ කදුරු වගේ තමයි..
රක්ෂිතයක් හැටියට ඉඩම් වෙන්කිරීම හිතුමතේ ඉඩම් බෙදාදීමක් නොවෙයි. වඩුගයාගේ කමිටුවේ හිටියේ සිංහලයෝද? නැතිනම් දෙමල්ලු සහ හම්බයෝද?