(ඉන්දිකා රාමනායක)
මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ විශේෂ වාට්ටුවේ සිටි රැඳවියකු සිදුකළ පහර දීමෙන් විනය අංශයේ ජේලර්වරයකු තුවාල ලබා ඇති බව පල්ලෙකැලේ පොලිසිය පවසයි.
විශේෂ වාට්ටුවේ ජංගම දුරකතනයක් භාවිතා කරන බවට ලද තොරතුරකට අනුව විනය අංශයේ ඉහත ජෙලර්වරයා ඇතුලු කණ්ඩායමක්අදාල වාට්ටුව සෝදිසියට ලක් කර එහි තිබු ජංගම දුරකතනය අත්අඩංගුවටගත් අවස්ථාවේ එම වාට්ටුවේ රඳවා සිටි පිරිස එයට විරෝධය දක්වා මෙම පහර දීම සිදුකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.
සිරකරුවන් වතුර පුරෝගෙන සිටින ඇලුමිනියම් භාජනයකින් මෙම පහර දීම සිදුකර ඇති බවද ඒකනායක මහතා පවසයි. සිද්ධියෙන් තුවාල ලැබු ජෙලර්වරයා බන්ධනාගාර රෝහලින් ප්‍රතිකාර ලබාගෙන සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් ඇත.
මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පල්ලේකැලේ පොලිසියට අමතර බන්ධනාගරයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, සැකකාර රැඳවීයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන බවද චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුලක් නෑ. කොහොමත් හිරේනේ...
ජේලර් රැඳවියාට පහර දෙන්න ඇති.දරාගත නොහැකි තැන ආපස්සට පහර දෙන්න ඇති.... ඒත් මොනව කලත් රැඳවියා වරදකරු වෙන ක්‍රමය නොවේද ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ....