(යොහාන් භාසුර)
ගුවන් යානාවලට අනතුරු වියහැකි බැවින් රත්මලාන, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල් ාසිටින බවත් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට ජංගම රථ යොදවා ඇති බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය පවසයි.
ගුවන් යානා නීතියට අනුව ගුවන් තොටුපොළක සිට කිලෝමීටර පහක් ඇතුළත ප්‍රදේශයේ අඩි 300 ක් හෝ ඊට ඉහළ ආකාශයේ සරුංගල් යැවීම සහ ඩ්‍රෝන යානා පාකිරීම තහනම් බවත් සරුංගල් යැවීමට භාවිතා කරන ඝන තංගුස් නූල ගුවන් යානාවලට තර්ජනයක් බවත් ගුවන් තොටුපළ පාලන අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජනතාවගෙන් ඉල්ලා සිටීමෙන් පලක් නැත. පවතින නීතියට අනුව දැඩි දඩුවම් පමුණුවන්න.