(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

කඳවුරු බැද දින ගණනක් විල්පත්තුව වන උද්‍යානය හා තබ්බෝව අභය භුමියෙ දඩයමේ ගිය කණ්ඩායමක 13 දෙනෙකු ගිනි අවි යතුරු පැදි හා දඩයමට යොදා ගත් පිහි ඇතුළු දෑ සමඟ වනාතවිල්ලුව හා කරුවලගස්වැව වනජීවි කාර්යාල ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගත් බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලව,පුත්තලම ඇතුළු ප්‍රදේශ කිපයක සැකකරුවන් පිරිසකී.මෙම පිරිස අවුරුදු 35, 40,45,50,60, 67, සිමා වල පිරිස් බව වනජීවි නිළධාරිහු පවසති.

නියගය හේතුවෙන් දිය සොයා විල්පත්තුව ජාතික වන උද්‍යානය හා තබ්බෝව අභය භුමියට මැදින් පිහිටි කළාඔයට පැමිණේන වන සතුන් දඩයම් කිරීම සදහා දින ගනන් කදවුරු බැද සිටින කල්ලියක පිරිසක් මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි.

බෙහෙත් කොටන ගිනි අවියක් හා බෝර 12 ගිනි අවියක්,පිහි ,විදුලි පන්දම්, මුනිස්සම් පුරවන පතොම් කොපු,මුනිස්සම් , අහස්කුරු, යතුරු පැදි 7 ක් , යතුරු පැදිවලට සුළං ගැනිමට භාවිතා කරන උපකරණයක් ,කුඩාරම්,සැකකරුවන් සතු ජංගම දුරකථන ඇතුළු තවත් දෑ මෙම වැටලීමේදි අත් අඩංගුවට ගෙන තිබුණි.

වැටලිම අතරතුරදී තවත් සැකකරුවන් 8 දෙනෙකු පලා ගොස් තිබු අතර එම සැකකරුවන්ද අත් අඩංගුවට ගැනිමට වනජීවි කණ්ඩායමක් යොදවා ඇති බව කියයි.