
(සුජිත් හේවාජුලිගේ )
අලි ඇතුන්ට ලේසර් කිරණ අල්ලා කුලප්පු කරවා මහනුවර දළදා පෙරහර කඩාකප්පල් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාට ලිපියක් යොමු කරමින් යොමුකරමින් ඉල්ලීමක් කළේය.
බෞද්ධ පෙරහර කඩාකප්පල් කිරීමට සහ අපහාසයට ලක් කිරීමට සංවිධානාත්මක වැඩපිළිවෙලක් වසර කිහිපයක සිට ක්‍රියාත්මක වන බව නිරීක්ෂණය වන්නේ යැයිද මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කර ඇත.
මහනුවර දළදා පෙරහැරට විරුද්ධව පසුගිය සමයේදී සමාජ මාධ්‍ය මෙහෙයුමක් පවා ක්‍රියාත්මකවූ බවද චන්න ජයසුමන මහතා පවසයි.
මහනුවර දළදා පෙරහැරේ පෙරහරේ ගමන් ගන්නා අලි ඇතුන් අපහසුතාවයට ලක් කිරීමටඇතැමුන් ලේසර් කිරණ භාවිතා කරන බවට ඇත්ගොව්වන්නන්ද ප්‍රකාශ කර ඇති බවත් අලි ඇතුන් සහ වගා හානි කරන වෙනත් සතුන් පලවා හැරීමට භාවිත කරන ලේසර් කිරණ නිකුත් කරන කුඩා උපකරණ පෙරහරට සති කීපයකට පෙර අලෙවි කිරීමට ඇති බවට ප්‍රචාරක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වූ බවත්
ඔහු එම ලිපියෙන් දැනුම්දී ඇත.
එසේම අධි බලය ඇති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ මෙරටට ආනයනය කිරීමට නිසි අවසරයක් ලබාගෙන තිබේද ඒවා ලංකාවට ආනයනය කළේ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසද මහාචාර්ය චන්න ජයසුමන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම මේක සොයා බලන්න වටිනා දෙයක්. පොඩි පෑන්, තුවක්කු වගේ විවිධ උපකරණ විකුණන්න තියෙනවා. මේවා පොඩි ළමයි පාවිච්චි කරන්න ගත්තොත් මහා විනාශයක් වෙන්න පුළුවන් හා, ඇස්වලට හානි වෙන්න පුළුවන්...
ඉතාමත් කාලීන ඉල්ලීමක්... සත්ව කරුණාවට මුවා වී බෞද්ධ සංස්කෘතිකාංගවලට පහර දීමේ දීන උත්සාහය, අරගල විහිළුවෙන් පසු දැන් වඩාත් තීව්‍ර වී ඇත. ශෝචනීය කාරණය වන්නේ එහි පෙරමුණේ රාලලා වී ඇත්තේ ජවිපෙ දායක සභාව වීමයි. අනිකුත් ආගම්, කල්ලිවාදීන්, බෝන් අගේන්වරුන් පෙරහරට එරෙහිිවීම තේරුම් ගතහැකි වුවත් ජවිපෙවාදීන් ද ඒ ගොඩට වැටීම කණගාටුදායකය. වරක් දළදා මාලිගාවට බෝම්බ ගැසූවේත් මොවුන් නිසා පුදුමයකුත් නෑ ඉතිං...!
ඔය හදන්නේ වේදිකාව නියමෙට... ඊගාවට ඉතින් රට, ජාතිය බේරගන්න දළදා මාලිගාව ඉස්සරහ නයිට් ක්ලබ් දාලා රේස් පැද්ද නාමල් කුමාරයාව ගේමු...!
කරුණාකරලා මේකට බෞද්ධ පෙරහරක් කියලා බුද්ධ ධර්මයට අපහාස කරන්න එපා.. මොකද සැබෑ බෞද්ධ දර්ශනයේ කොහෙවත් නැහැ මෙහෙම ආගමක නාමයෙන් සතුන්ට හිංසනයක් කරන්න කියලා...!
සත්තු එල්ලලා කපලා ලේ ටික පවා බොන ඇතැමුන් පෙරහැරේ යන අලින්ට හිංසාවක් කරනවා කියලා කියනවා. බුදු දහම නිසා නරක වැඩ කරන්න බැරි අයත්... මේවාට ගරහනවා. සිංහල බෞද්ධ සංකෘතිය ගැන අසාමාන්‍ය අමාරුවකින් වෙසෙන ජනකොටස් රට තුළ සිටිනවා. නීතියෙන් මේවා හෙව්වත්, නැතත් පෙරහර බලන රටට ආදරය ඇති ජනතාව අවධියෙන් සිටිය යුතුයි.
මම දන්න විදියට පෙරහැරවල් වල අලි කුලප්පු 1950 ගණන් වලත් වෙලා තියෙනව. දැන් ඒ්වයිත් කූලප්පු වුණේ ලේසර් ගහලද? පෙරහැරවල් වල අලි කුලප්පු ඇතිවීම ඒච්චරටම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඉස්සර ඇත්ගොව්වො වගේ නෙමෙයි දැන් අය ගොඩක් බීල තමයි අලින්ට ඔය හෙන්ඩු වලින් දරුණු විදියට අලින්ට රිද්දන්නෙ, ඒතකොට ඔයවගේ දේවල් වෙන්න .
මාධ්‍ය සංදර්ශනයක් පමණි.
මේ සත්ව අවිහිංසාව කියලා වැලලෙන්න හදන ඩොලර් කාක්කන්ට හජ්ජි, හලාල් ආදිය කියලා ඝාතනය කරන සතුන් ගැන වගේවගක් නැහැ. කට ඇරියා නම් මොවුන්ගෙත් බෙල්ල තමයි යන්නේ. අනික මේ බොරුවට සත්ව හිංසනයට මොරදෙන හොරුන් කීදෙනෙක් නිර්මාංශිකද?
මමත් ඕක ගැන කියෙව්වා අපේ හාමුදුරුවනේ... අප්‍රිකානු රටවල අලි ගම් වැඩෙන එක වළක්වන්න හොයාගෙන තියෙන්නේ. අලි ආත බූත නැතිව දුවනවා. පෙරහැරේ VIP අට්ටාලේ කිට්ටුව ගැහුවා නම් නලාව පහුවදාම අලි පෙරහැරේ තහනම්...!