(අමදෝරැ අමරජීව)

නිලාවේලි බොරළු කන්ද රජ මහා විහාරයේ තහනම් කළ සංවර්ධන කටයුතු සිදු කරගෙන යාමට අවසර දෙන්නැයි බල කරමින් මහා සංඝරත්නය ඇතුළු ගිහි පිරිස්  අද (28) ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක ඇරැඹුහ.

උද්ඝෝෂණයේ නිරත මහා සංඝරත්නය ඇතුළු පිරිස දිසාපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව හා ඉදිරිපස ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස විරෝධතාව දැක්වුහ.පිරිස එම ස්ථානයේ ඉවත් කිරිමට පොලිසිය ගත් උත්සහයද ව්‍යවර්ථ විය.

දිසාපති කාර්යාලයේ  පැවැත්විමට තිබු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්විමද මෙම බාධා කිරිම් මධ්‍යයේ පැවැත්වු අතර එම කමිටුවේ සම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මහතා දිසාපති කාර්යාලයට යැමට නොහැකි නිසා ආපසු හැරි වෙනත් මගකින් ගිය අතර එම කමිටුවේ අනෙක් සම සභාපති වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා රැස්විමට පැමිණ සිටියේය.