(යොහාන් භාසුර)
තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් නීති විරෝධීව රැගෙන ආ රුපියල් කෝටි 3 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් බිස්කට් 14 ක් රේගු භාරයට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම රත්තරන් බිස්කට්වල බර කිලෝග්‍රෑම් 1.314 ක් බව කී රේගු අධ්‍යක්‍ෂ සීවලී මහතා අදාල මගියා රත්තරන් තොගය ගුවන්තොටුපලෙන් පිට කිරීමට කළ උත්සාහය රේගු නිලධාරීන් වැලැක්වූ බව ද සඳහන් කළේය.
රේගුව හරහා පිටවන සියලුම මගීන්ගේ ගමන්මලු ලෝහ අනාවරක මගින් පරීක්ෂා කිරීම අඛණ්ඩව කිරීම නිසා අදාල මගියාට රේගුවට හසුනොවී පිටවීමේ ඉඩක් නොතිබීමෙන් රත්තරන් තොගය පිළිබඳව රේගුවට ප්‍රකාශ කළ බවත් ඉන් පසුව රත්තරන් තොගය සහ මගියා භාරයටගත් බවත් රේගුව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd