(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කරමින් පාලමක් ඉදිකරන්නේ නම් ඒ පිළිබඳ ජනමත විමසුමක් පවත්වා ජනතා කැමැත්ත විමසිය යුතු බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
ඉන්දියාවෙන් අපේ රටට ප්‍රශ්න ඕනෑ තරම් ඇති බවත් ඔවුන්ගේ මතය මත යම් යම් දේවල් ක්‍රියාත්මක කළ යුතුයි යැයි බලකළ බවත් අගරදගුරුතුමා කීහ.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා මෙසේ ද පැවසූහ.
“පරිප්පු ගෙනත් දැම්මා එක කාලෙක. හමුදාවක් එව්වා. ඔබට මතකයි බල කරලා ඒවා අපේ කර උඩ පැටෙව්වා. තව පාලමකුත් හදාගත්තාම හොඳට තියෙයි. කවුද මේ මෝඩ කථා කියන්නේ. අපේ රට හැමදාම නිදහස් රටක්. කවදාවත් අපි කිසිම රාජ්‍යයක වහල්ලු වෙලා ඉඳලා නෑ. වෙන රටකින් කැඩිලා ගියේ නෑ. ශ්‍රී ලංකාව අතීතයේ සිටම තිබුණේ වෙනම’.
රාගම තේවත්ත ජාතික බැසිලිකාවේ පැවැති දේව මෙහෙයමකට එක්වෙමින් කාදිනල් හිමියෝ එසේ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල මාරුවෙන් පසු පාස්කු ප්‍රහාරය අමතක කරදමා ඇත. වින්යඩ්න්ටදිතයන්ට සාධාරණය ඉල්ලා සැමදා හඬ නැගවද එදා..නැහැ හඬක් මෙදා...ඒ නිසාදෝ අද අලුත් මාතෘකාවක්....
කතෝලික පල්ලිය දේශපාලන වේදිකාවක් බවට පත්ව ඇත.
පාලමකින් රටට හොඳක් මිස නරකක් නෑ.. අඩු මිලට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න සහ භාණ්ඩ ප්‍රවාහන සේවය කරන්න පුළුවන්. මුහුදින් කරන හොරබඩු ජාවාරම අඩු කරන්න උදව් වෙනවා.
කැමතියි....!
කොහොමද කාලෙකින්? පාලමට විරුද්ද වීම ගැන අපේ මොරාල් සපෝට් එක ලැබෙනවා. ඉස්සර පිහිනලා ආපු කල්ලතෝනි ටික දැන් පාලමින් ඒවි. මෝඩ හැත්ත සංචාරක ව්‍යාපාරය දියුණු වේවි කියලා හිතනවා. කාදිනල් තුමා පාස්කු ප්‍රහාරයේ මහමොල කාරයා හම්බඋනාද ඒ ගැන කථා නැත්තේ?
මම හිතන්නේ නැහැ ඉන්දියාවේ ලාභ සංචාරකයින් සංචාරක ව්‍යාපාරයට දායක වෙයි කියලා. @Lalla
අපේ රට හොඳක් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ .ඒත් අතීතයේ පාඩම් ඉගෙනගත්තොත් තාම හොඳක් නම් වෙලා නැහැ